ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ?
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ වී ඇති අතර,ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද ඊට සම්බන්ධ වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.