(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කළ බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල මන්ත්‍රීවරුන්ගේ දහතුන් දෙනාගේ අත්සන් සහිතව අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්ට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට මේ පිළිබඳව පැමිණිලි කළ බවද ජී.එල් පීරිස් මහතා කීය.
අගොස්තු 22 වැනිදා සිට දවස් විසි දෙකක් තිස්සේ මේ තත්ත්වය දිගින් දිගටම පවතින බව කී පීරිස් මහතා මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකුගේ කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙන බවද කීය.
මේ ප්‍රශ්නය විසඳන්න කතානායකවරයා උත්සාහ කළ නමුත් වෙනත් බලවේග නිසා ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණ බවද ජී .එල් පීරිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GL හොදටම රගපානවා
ලොක්කො තමුන්නැහේ පාර්ලිමේන්තුවට ආවේ පොහොට්ටු කාරයෙක් හැටියට නම් තමුන්ට කාලය ලැබෙන්නේ පොහොට්ටු පැත්තෙන්... එතැනින් ගියාම ඒක ලැබෙන්නේ නැහැ කියලා 1988 සිට පාර්ලිමේන්තුවේ සිටින මහ ඇදුරෙක් වන තමුන්නැහැට තේරුම් ගැනීමට බැරිද අනේ...! නැත්නම් දැන්වත් මිනිස්සු ගොනාට ඇන්දවීම නවතා රට ගොඩගන්න ක්‍රමයක් හදන්නකෝ...
චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් එහෙට මෙහෙට පැනපැන ඇමැතිකම් අරගෙන බලයේ එල්ලිලා හිටපු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ජී.එල්. වපුරපු විදිහටම අස්වැන්න ලැබිලා. ඕකට කියන්නේ කර්මෙ කියල ඔබ කළ වැරැදි මගඩිවලට මේ ආත්මේදීම පඩිසන් දීගෙන එන්නේ. නියමයි...!