අලුත් අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද මල්ලෙ පොල්” නව අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද, මල්ලෙ පොල්” වැනි පිළිතුරක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 April 2022
මුහුණු ආවරණ නීතිය ලිහිල් වෙයි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ ඒකරාශීවීම්වලදී හැර සෙසු ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 18 April 2022
දහ නවයට ජීවය දෙන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයක් දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වයට පැමිණි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 18 April 2022
හෙට - අනිද්දා පැය 3 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (19 සහ 20) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරුවේ පැවසීය. 18 April 2022
පරිසර පුටුවේ දිවුරුම් දුන්නාට නසීර් අහමඩ් ට විනය ක්‍රියාමාර්ග පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා පක්ෂ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. 18 April 2022
ගීතා ඇතුළු 24 ක් රාජ්‍ය ඇමැති පුටුවේ දිවුරුම් දෙති නව රාජ්‍ය ඇමැතිවරැන් 24 දෙනෙක් අද සවස (18) ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්හ. 18 April 2022
ස්වාධීනව සිටි මන්ත්‍රී රාඝවන්ට රාජ්‍ය අමාත්‍යධූරයක් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත. 18 April 2022
ජගත් සම්මානනීය නළු හිරාන් අරගලයට සහාය දෙන්න ගෝල් ෆේස් එයි තරුණයන්ගේ ජන අරගලයට සහභාගීවීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව , සම්මානනීය නළු හිරාන් අබේසේකර මහතා අද (18) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය . 18 April 2022
ප්‍රියන්ත ඝාතනයේ නඩු තීන්දුව අද පකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද(18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 18 April 2022
ඉන්ධන නැතුව පිරවුම් හල් වහයි ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ ගෑස් හිඟය හේතුවෙන් කොළඹ සහ පිටපලාත්වල ඉන්ධන පිරවුම් හල් සහ ගෑස් අළෙවිසැල් බොහෝමයක් අද (18) දිනයේ වසා දමා තිබිණ. 18 April 2022
’’විශ්වාසභංගයට කොන්දේසි 2ක් යටතේ සහයෝගය’’ සමඟි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පස්වරුවේ පැවසීය. 18 April 2022
’’පොහොර මාරුවේදී මට වැරදුණා’’ ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 18 April 2022
කුරුණෑගල ප්‍රා සභාවේ අවුරුදු මේසයේදී ගුටි සංග්‍රහයක් නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභාව සූදානම් කළ අලුත් අවුරුදු තේ මේසයේදී පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයකු අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය. 18 April 2022
ඖෂධ හිඟයක් අත ළඟ ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය මාධ්‍යයේ රෝහල් වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් තොග අවසන් වෙමින් යනබව වෛද්‍යවරුන් පවසයි. 18 April 2022
නව ඇමති මණ්ඩලයේ බහුතරය දේශපාලන පවුල්වල අය නව කැබිනට් මණ්ඩලය ලෙස අද දිවුරුම් දුන් 17 දෙනාගෙන් 10 දෙනකුට දේශපාලන පවුල්වල සාමාජිකයන්වීම විශේෂත්වයකි. 18 April 2022
බස් සංගම් කෙදිරිගායි ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 18 April 2022
මැතිවරණ කොමිසම අවධානමක් ගැන කියයි ප්‍රජාතන්ත්‍රවාදිව සහ සාමකාමීව ඉදිරිපත් කරනු ලබන ජනතා අදහස්වලට සවන්දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් වන අතර එය නොසලකාහැරීම බරපතල අවධානමක් මතු කරනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 18 April 2022
විරෝධතාව අස්සේ ගමන් ගත් මෝටර් රථයට පහර දෙති ඉන්ධන හිඟයට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයක් හරහා සිය මෝටර් රථයෙන් ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයකුට, උද්ඝෝෂකයන් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 18 April 2022
රාජ්‍ය ඇමතිවරුත් අද දිවුරති රජ්‍ය ඇමැතිවරුන් ද ජනාධිපති මන්දිරයේ දි අද සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. 18 April 2022
හතලිස් එකේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්න යයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තු තුල ස්වාධීන වු මන්ත්‍රීවරු 41දෙනා වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ. 18 April 2022
ලංකාවට ආහාර ගන්න රනිල් රටවල් පහක් සමඟ සාකච්ඡා කරයි වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආහාර අර්බුදයට සහනයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් රටවල් පහක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. 18 April 2022
‘‘අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න‘‘ අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් අද ඉල්ලීමක් කළේය. 18 April 2022
උද්ඝෝෂකයන් කලහාකාරී වුවහොත් අධිකරණයට දන්වන්න ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් මහජන පීඩාවක් හෝ කලහකාරී ලෙස හැසිරුණ හොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (18 ) කොටුව පොලිසියට නියෝග කළේය . 18 April 2022
19 ප්ලස්’ පන්නයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයට කඩිනම් විසදුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය ’19 ප්ලස්’ පන්නයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැකි ඉක්මනින් ගෙනආ යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට යෝජනා කරයි. 18 April 2022
පනත්-නියෝග රැසක් මේ සතියේ මැතිසබයට විශේෂ පනත් සහ නියෝග ගණනාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට (19) සිට ලබන 22 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 18 April 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ’ලංකාදීප’ යට පැවැසීය. 18 April 2022
බැසිල්ට ඉල්ලූ තහනම අධිකරණයෙන් ඉවතට මහ බැංකු බැඳුම්කර සිද්ධියකට අදාළව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය. 18 April 2022
රාමසාන් උපවාසයට ආ මන්ත්‍රී අලි සබ්ර්ට විරෝධයක් වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරියෙක් පැවසිය. 18 April 2022
කබ්රාල්ට සිතාසී බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන මැයි මස 02 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (18) යළි සිතාසී නිකුත් කළේය. 18 April 2022
නව ඇමැතිවරු දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 18 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026