
(දීපාල් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)
බලපිටිය , අහුන්ගල්ල, බෝගහපිටිය පාලම අසලදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට හා රියදුරුට වෙඩි තැබිමෙන් පිටුපස ගමන් කල පුද්ගලයා රොහල් ගත කිරි මෙන් පසු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පැවසිය.
ත්‍රිරෝද රථරියදුරු තුවාල ලබා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිය කියයි.
මියගොස් ඇත්තෙ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත් (29) නැමති විවාහක පුද්ගලයකුය.
ඔහු (චතුරංග ජයලත්) කුලි ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදි වෙඩක්කරුවන් බෝගහපිටිය පාලම අසල සැගව සිට වෙඩිතබා පලාගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ත්‍රිරෝද රථ රියදුරුටද වෙඩි වැදි ඇති අතර ඔහු දිවගොස් දිවි බේරාගෙන ඇතිබවද පොලිසිය කීවේය.
බරපතල තුවාල ලබා සිටි ජයලත් සහා රියදුරා ප්‍රදෙශවාසින් එම රථයෙන්ම අහුන්ගල්ල පොලිසියට රැගෙන විත් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව චතුරංග ජයලත් නැමැත්තා රාත්‍රි 11.20ට පමන මියගොස් තිබේ.
වැඩිදුර විමර්ශන අහුන්ගල්ල පොලිසිය සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට තවත් අයකුට තුවාල