(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සාදයකට ආරාධනා කර බොරුපන පාලම අසලදී අඹුසැමි යුවළකට තියුණු ආයුධවලින් පහර දීමෙන් කාන්තාව මියගොස් සැමියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
සාදයකට සාභාගි වීම සඳහා යාමට බොරුපන පාලම අසලට පැමිණෙන ලෙස පවසා අඹුසැමි යුවළ එම ස්ථානයට ගෙන්වාගෙන අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු මෙම පහරදීම සිදු කිරීමේදී ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමගම යතුරුපැදිකරුවන් පළා යාමට උත්සාහ කර ඇති අතර පසු පැදිකරු ප්‍රදේශවාසීන් අල්ලා පොලිසියට බාර දී ඇත.
පසු පැදිකරු මේ වන විට රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි මියගිය කාන්තාව වයස අවුරුදු 34 ක් වන බොරලස්ගමුව විහාර මාවත තාවකාලික පදිංචි බඩෝවිට ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd