IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාපයක් කරයි

(යොහාන් භාසුර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර) සහ ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කර තිබේ.  

මෙම ගැසට් නිවේදනයත් සමඟ කොළඹ නගරයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කාලාපයක් බවට පත්කිරීමේ කැපී පෙනේ.  



අදහස් (13)

කොළඹ ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාපයක් කරයි

Asela Friday, 23 September 2022 10:25 PM

Please make whole country as high security zone.

:       4       12

මැක්ස් Friday, 23 September 2022 11:25 PM

අන්තර මල්ලිලාට, ස්ටාලින් ගේ ගුරු සංගමේට, දමිතා නිලියට, හිරුනිකාට, විරුද්ධ වීමම ජීවිකාව කර ගත් ජෙප්පන්ට ගෝටා මහතා එක්ක වගේ ලේසි වෙන්නේ නැහැ රනිල් මහත්තය එක්ක. පුළුවන් නම් ගිහින් අරගල කරන්න. නඩු කියන්න සුමන්තිරන් වත් එයිද ෂුවර් නෑ!

:       28       18

PereraSunday, 25 September 2022 12:12 AM

ජනතාවගේ බොටුව ආණ්ඩු හිරකරනකොට ජාත්‍යන්තරේ ආණ්ඩුවේ බොටුව හිරකරන බව මතක තියා ගන්න.

:       0       1

siri Friday, 23 September 2022 11:44 PM

හෙට අනිද්දා කොළඹට ජන ගඟක් එනවා කියලා ආරංචිවෙලා හීන්දාඩිය දාලාවත්ද අප්පා? ඔහොම කොහොමද මන්දා රටක් කරවන්නේ...?

:       2       12

Piyasingha Saturday, 24 September 2022 12:18 AM

රජය හොඳටම බයවෙලා....!

:       3       10

Perera Saturday, 24 September 2022 02:06 AM

මෙයින් ගම්‍ය වෙන්නේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධ මර්ධනය කිරීමයි...

:       3       9

Demuni Uduwara Saturday, 24 September 2022 06:51 AM

So-called democratic President prefers to be a dictator !

:       9       21

ලුම්බිණි Saturday, 24 September 2022 07:43 AM

රනිල්ට නම් හොඳටම පිස්සු.

:       16       22

Surain Saturday, 24 September 2022 09:28 AM

ඔය මොන කලාප තිබුණත් ඕවා රැකෙන්න ඉස්සරවෙලා ජනතාව ජීවත් වෙන්න ඕනේ. රට විනාශ කරපු ඇත්තන් වක්‍රව හෝ සෘජුව ඔය සමහර ස්ථාන හොරකම් මෙහෙය වන ගුබ්බෑයම් බවට පත්කරන් ඉන්නේ තිත්ත ඇත්ත... ඒකයි...!

:       4       7

anura Saturday, 24 September 2022 09:48 AM

මම හිතන්නේ බත්තරමුල්ලේ විභාග දෙපාර්තමේන්තුව ආසන්න කලාපයත් ඔය ලැයිස්තුවට ඇතුළත් කළා නම් එයත් ඉතාම කාලෝචිතයි කියලා...

:       0       5

සිරිබිරිස් Saturday, 24 September 2022 02:07 PM

නරකද ලංකාවම අධි ආරක්ෂිත කලාපයක් කළා නම්..?.

:       1       11

චතුරි Saturday, 24 September 2022 05:17 PM

මේ කිසිවක් කරන්න අවශ්‍ය නැහැ. රට පාලනය කරන්න බැරිනම් අයින් වෙන්න. බයියන් විතරක් ආරක්ෂා කරන්න ගියොත් වැඩේ මාට්ටු වෙන නිසා. මුලු නගරයක්. අධි ආරක්ෂිත කලාපයක් කරනවා. ඔවා බොරුවැඩ. මොවුන්ට වැඩිය හොඳ දැනුම තියෙන කට්ටිය. කිසිම දෙයක් නොදන්නා විදියට ඉන්නවා. ඕනෑ වෙලාවට වැඩේ කරයි. දැනුම තියෙන කෙනෙක් කොහොමද මෝඩ තීරණ ගන්නේ..? ගොබ්බයින් කියන විදියට නටන කෙනෙක්...!

:       0       1

Demuni de Silva Sunday, 25 September 2022 02:58 AM

මුළු රටම නිදහස් වෙළඳ කලාපයක් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site