
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
බැංකු ආයිරා සඳහා අය කරන පොලිය සියයට 34 ක් දක්වා ඉහළ දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය.
සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීමත් කිව්.ආර්. කේතයට බස් රථ, ලොරි රථ සහ වෙනත් ඉන්ධන අවශ්‍යතා සදහා නිකුත්කිරිමට සංස්ථාව තවමත් අපොහොසත්වීම නිසා පිරවුම්හල් තව දුරටත් අපහසුතාවට පත්ව ඇති බව ද නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ණයට තෙල් ගහන්නේ නෑ. ඒ සල්ලි වලින් ගෙවන්න.
කරන්න බැරිනම්, කරන්න පුලුවන් කෙනෙකුට විකුණලා දමන්න. බොහෝ ව්‍යාපාර වලදී වෙළෙන්දෝ මුදල් ගෙවලා, බඩු මිලදී අරන් විකුණලා තමයි ලාබ ගන්නේ. සමහර ව්‍යාපාරවල භාණ්ඩ මාස කීපයක් විකුණාගන්න බැරිව බලන් ඉන්නවා. ඩීසල්, පෙට්‍රල් එහෙම නොවේ. දවසක් දෙකක් යනකොට බඩු ඉබේම විකිණෙනවා. ලාබද ලැබෙනවා.
රටේ තියෙන ඉන්ධනහල් බොහොමයක්ම අයත්වෙන්නේ කෝටිපති දේශපාලකයන්ට... පසුගිය කාලේ ඉන්ධන මිල වැඩිවෙනකොට ඔවුන් හොඳ හැටි ලාබ ලැබුවා. ඔය ඉන්ධන හල්වලට ආණ්ඩුව මගින් බලපත්‍ර දෙන කර්මය නවත්වලා රටේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට, ඉන්ධනහලක් දේශපාලන අධිකාරියේ අවසරයකින් තොරව ඉදිකරගන්න පුළුවන් ආකාරයට නීති සකස් කරන්න.