(අංජුල මහික වීරරත්න)
නන්දිකඩාල්, නයාරු සහ සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මෙි බව කීය.
මෙම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන රක්ෂිත ප්‍ර්‍රකාශයට පත්කළ විගස ඒවායේ ආරක්ෂාව තහවුරු නොවේ. අනවශ්‍ය දේශපාලන අතගැසිම් නිසා එසේ ප්‍ර්‍රකාශිත ප්‍ර්‍රදේශවල නොයෙකුත් අනවසර ක්‍රියා සිදුවීම සුලබ දසුනකි. කොපමණ නිතී පනත් තිබුණත් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව එම නීතිරීති වලට අනුගත වී නියමිත කළමනාකරණ සැලසුමකට අනුව වනාන්තර කොටස් ආරක්ෂා කිරීම කළයුතු අතර එසේ නොවන්නේ නම් ගැසට් මගින් කුමන වනාන්තරයක් රක්ෂිත බවට පත්කළත් එයින් පරිසරයට කිසිඳු වාසියක් සිදුනොවන බවත් සඳහන් කරමි...