(තිලකරත්න දිසානායක)

මෙරට ඩොලර් අර්බුදයට විසදුමක් වශයෙන් කංසා ආශ්‍රිත ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය අරඹමින්, කුමන බාධා පැමිණියද එම ඖෂධ අපනයනය කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා යක්කල දී පැවසීය.

මෙරට කංසා නිෂ්පාදනය කළද කිසිදු අයුරකින් දුම් පානයයක් ලෙස හෝ වෙනයම් ක්‍රමයකට කංසා මත් ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට ඉඩ තබන්නේ නැහැ. විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර හා ආයුර්වේද පංචකර්ම ක්‍රම හදුන්වා දීම සිදු කරමින් ඒ තුලින්ද විශාල වශයෙන් ඩොලර් ඉපයීම පිනිස පියවර ගනු ලබනවා. මේ සදහා යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව කොළඹ - මහනුවර මාර්ගයෙහි යක්කල ප්‍රදේශයේ ආයුර්වේද කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයට අලුතින් බදවාගත් සිසු සිසුවියන් සදහා සම්ප්‍රදායක චාරිත්‍රානුකූලව අත්පොත් තැබීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.