(යොහාන් භාසුර)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව අද (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
නලීන් බණ්ඩාර මහතා ඊයේ (20) පස්වරුවේ පුද්ගලයන් කීපදෙනකු සමඟ සී.සී.සී. වෙත පැමිණ තමන් සොයා ඇති බව කී ශම්මි සිල්වා මහතා එම අවස්ථාවේදී තමන් ක්‍රීඩා සමාජයේ නොසිටි බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වීම මෙම සොයා ඒමට හේතුව වීමට ඉඩ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී අහනවා කවුද නලීන් බණ්ඩාර කියන්නේ කියලා.. නලීන් බණ්ඩාර කුමන පක්ෂයේ වුණත් ඔහු ජනතා නියෝජිතයෙක්... ඔහුට අභියෝග කරන්න මොහු කවුද? ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ හැම වෙලාවේම කතාකරන නලින් බණ්ඩාර වැනි කෙනෙක් නොදන්නා අයෙක් සභාපති තනතුරක් දරන්නේ කොහොමද?
මන්ත්‍රී කෙනෙකුට නිලධාරියෙක් හමුවීමට යන්න බැරිද?
බලය නැතිව ඔහොම චණ්ඩිකම් දානවා නම් කොහොමද මේ කසිප්පු කාරයින් බලයට එහෙම ආවොත්...?