ජනපති කරන දේ ගැන මුජුබුර්ගෙන් අර්ථකථනයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් ජනාධිපති කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නවත්තපු තැන සිට ඒ දූෂිත  පාලනය ඉදිරියට ගෙන යාම බව සමඟි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

කණපිට හැර වූ ජනමතයක් සමග ඉදිරියට යන්න හැකියාවක් නැතැයි ද  වරින්වර ජනතා විරෝධයන් එන්නේ ඒ නිසා බව ද මන්ත්‍රීවරයා කීය.

ඡන්දෙට ගොස් රනිල් වික්‍රමසිංහ ඇතුළු සැමගේ ජාතික ප්‍රතිපත්ති ගැන ජනතාවගෙන් අහමු යැයිද  එවිට සමත් කවුදැයි තීරණය කරන්න පුළුවන් යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

අද පාර්ලිමේන්තුව සඳහා ජනතාවගේ සහයෝගයක් නැතැයිද  එය තේරුම් ගන්නේ නැතිව වැඩ කළොත් නැවත වතාවක් රට විනාශයට තල්ලු වෙන බවද මුජුබුර් රහුමාන් මහතා කීය.