IMG-LOGO

දිස්ත්‍රික් හයකට යූරියා කඩිනමින් යැවීමට නියෝග

 

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර,හා මොණරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් එහි යැවීමට පියවර ගන්නා ලෙස   කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද  (20) අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම දිස්ත්‍රික්කවල මහ කන්නය සඳහා වී වගා කටයුතු බොහෝ විට ඔක්තෝබර් මස මුල් සති  දෙකේ ආරම්භ කිරීමට නියමිතය. එම නිසා ගොවි ජනතාවට වගාව සඳහා අවශ්‍ය පොහොර ඒ වනවිටත් ගොවිජන මධ්‍යස්ථානවලට ලබා දීම මගින් ඔවුන්ට පහසුවෙන් යුරියා පොහොර මිල දී ගැනීමට අවස්ථාව සැලසීම අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මහ කන්නයේ යුරියා  පොහොර ලබා දීමේ දී යල කන්නයේ මෙන් රුපියල් 10,000ක මුදලකට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීම පරිදි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් පොහොර මිටියක් ලබා දීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

දිස්ත්‍රික් හයකට යූරියා කඩිනමින් යැවීමට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site