(දිලීප් ජයසේකර)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවත්  ඊට නිසි විසදුම් ලබා දිමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්,එසේ නොවුනහොත් දරු පරපුර දරුණු අඝාදයකට ඇදවැටෙණු ඇති බවත් වෛද්යි හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති,හම්බන්තොට හිටපු සෞඛ්යද සේවා අධ්‍ය ක්ෂ වෛද්‍ය  ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
වෛද්‍ය  හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබදව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස්  එහි සිටින දරුවන්ගේ සෞඛ්යන තත්වය හා පෝෂණ තත්වය පිළිබදව සොයා බැලීමක නිරත වූ අතර  එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව  වෛද්‍ය  ජී.ජී.චමල් සංජීව මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසිය.

අප කල නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්ය. තත්වය හා පෝෂණ තත්වයන් පිළිබදව කරුණු රැසක් අනාවරණය කර ගැනිමට හැකි වුණා.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කලාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක.

එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ.ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල් වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කියකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්නකොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි.

මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්.හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත් වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බව  පැවසුවේය.