ස්වාධීන කණ්ඩායම දැඩි තීන්දුවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 23 April 2022
මැණික් පාර්සල් 19ක් කෝටියක ගාස්තු නැතුව නිකන්ම දීලා ශ්‍රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික් පාර්සල් 19 ක් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි ගාස්තුවක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 23 April 2022
තනතුරු අත්හැරියත් පිරිවර එසේමයි ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැතැයි වාර්තා වේ. 23 April 2022
මන්ත්‍රීවරුන්ට සැප ගෙවල්දීමේ ව්‍යාපෘතිය නවතයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස්දී ඇත. 23 April 2022
රට ගොඩගන්න බන්දුලගෙන් යෝජානා 10ක් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව වටහා ගැනිමට නොහැකිවූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරි ඉටු කිරීමට අසමත්වී ඇතැයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර ඇත. 23 April 2022
සතොස සහල් මිලත් නගී සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ. 23 April 2022
රටවල් දෙකකින් තවත් ඖෂධ පරිත්‍යාග ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට ලබන 27 වැනිදා බදාදා රැගෙන ඒමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 23 April 2022
’ජනමතයට ඇහුම්කන් දෙන්න’ මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර ඇත. ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙසය එමගින් ඉල්ලා ඇත. 23 April 2022
හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වසා දැමුණේ මීට වසර දෙකකට පෙර 2020 දී ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙනි. 23 April 2022
ජගත් මහ ලේකම් මොස්කව් යයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට සූදානම් වෙයි. 23 April 2022
චමින්දගේ දේහයට අවසන් ගෞරව දැක්වන්න රුවන් යයි රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවකදී වෙඩි වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සන්දින් සමරසිංහ මහතා අද (22) පස්වරුවේ ඔහුගේ නිවසට ගියහ. 22 April 2022
රජයට විරෝධය පා ගම්පහත් උද්ඝෝෂණ ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (22) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. 22 April 2022
කොවිඩ් ආසාදිතයන් 50 ක් කොවිඩ් ආසාදිතයින් තව 50 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 22 April 2022
’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’ අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත. 22 April 2022
මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට ලිපියක් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 22 April 2022
ගෑස් මිලත් රිවස් කරයි ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ. 22 April 2022
ඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයි විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය පහසුකමේ කාලය දීර්ඝ කළ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය. 22 April 2022
වැඩ බැරිනම් 225ම ගෙදර යමු ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය. 22 April 2022
’’වැඩ බැරිනම් පසුපෙළට දෙන්න’’ ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2022
ජනමතයට හිස නමන්න ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 22 April 2022
අයි.එම්.එෆ් විවාදය 4 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළ බව සභානායක සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 22 April 2022
කැබ් ඇනතුරින් 12හේ සිසුවා මරුට යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි. 22 April 2022
ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දමයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 22 April 2022
පාස්කු දා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දී නොවේ පාස්කු ප්‍රහාරය සිදු වන දින එවකට ජනපති රට ගොස් තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට වැඩ බාර දී නොවේ යැයි සමගි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 April 2022
විජිත කළ හැකි දේ ගැන විජිත කියයි රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලන විට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්න බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2022
හෙට - අනිද්දා පැය 3 ක විදුලිය කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (23 සහ 24) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය. 22 April 2022
ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි ශ්‍රී ලංකාවට ’හදිසි මූල්‍ය ආධාර’ සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 22 April 2022
පොලිස්පති ඇතුළු පිරිස මානව හිමිකම් කොමිසමට රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට අද (22) පෙරවරුවේ පෙනී සිටියහ. 22 April 2022
ශ්‍රී ලංකාවේ තවත් 18ක් ඉන්දියාවට පැනයති ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 18 දෙනෙක් ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේශ්වරම් වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 22 April 2022
’’කොහෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න බෑ’’ ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026