(නිමල කොඩිතුවක්කු)
ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවට ජනතාවට මර්ධනයත් මැති ඇමතිවරුන්ට සුඛ විහරණයත් ලබාදීම ආණ්ඩුවේ ක්‍රියාදාමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.
මැති ඇමතිවරුන් සතුටු කිරීම සඳහා ජනතාව දිගින් දිගටම පීඩනයටත් මර්ධනයටත් ලක්කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
කොළම මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු තවදුරටත් මෙසේද කීවේය.
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩ පිලිවෙලට විරුද්ධව ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් ඉන්නවා. එම ජනතා විරෝධය නැගී සිටීම වළක්වා මර්දනය කර පා ගන්න රජය කරපු අලුත්ම වැඩේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කාලාප ලෙස ගැසට් කිරීම. මේක නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් විදියට අපි විශ්වාස කරනවා.
ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් කටයුතු කරන්න කිසිම බලයක් නෑ. මොකද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකමක්. අපි මේ තීරණයට විරුද්ධව පෙනී සිටිනවා.ඒ වෙනුවෙන් අපි සමගි ජන බලවේගය හැටියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් සාධාරණය ඉටුවෙයි කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගෙ අපතයො කුමට ඉපදුනිද මේ මනු ලොව?