(ඉන්දිකා රාමනායක)
හෝකන්දර දකුණ විද්‍යාරාජ මාවතේ නිවසක් තුළ ඊයේ (28) අලුයම පියාට උදැල්ලකින් සහ පොල්ලකින් පහර දී සිරුරට පෙට්‍රල් දමා නිවස ඉදිරිපිට පියා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හෝදන්දර සිංහපුර ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සිංහපුර ප්‍රදේශයේ බුදු පිළියම ආසන්න රැදී සිටි බවට බස්නාහි බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන් (56993) ඉන්ද්‍රජිත් මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලඹේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ පෙරවරු 8.00 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ පියා සමග පෙරේදා රාත්‍රියේ නිවසේ මුළු තැන්ගෙයි දී බහින්බස් වු බවත්, පියා තමාට මුලින්ම පිහියකින් පහර දීම නිසා උරණ පියාට උදැල්ලකින් හා පොල්ලකින් පහර දී ගේට්ටුව ඉදිරිපිට ඔහු පෙට්‍රල් වක්තර ගිනි තඹා ඝාතනය කළ බවට සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රංජිත් සේනාරත්න 57 හැවිරිදි දෙදරු පියෙක් බවත්, ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd