(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියත් එසේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි නිකෙයි ඒෂියා පුවත්පත වාර් තා කළේය.
ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා වල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
ණය සහන සාකච්ඡා ක්‍රියාවලියට කාලයක් ගතවන බැවින් මෙසේ කාලසීමාවක් අනුමානය කිරීම ඉතාමත් අපහසු කාර් යයක් බවත් ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව, කඩිනමින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් නිකෙයි ඒෂියා පුවත්පතට පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ! අපොයි !! අපෙ අයියලා ටික මෙහෙ දත කට මැදගෙන බලාගෙන ඉන්නෙ පිල්ලි ගහන ක්‍රමවෙදයන් එක්ක. බැරිද අර බර කඩුව දාන කෙනාට කියන්න කඩුව මුවහත් කරලා දාන්න කියලා. එතකොට නිකම්ම නය දේවි. අයියලා ටික හිතාගෙන ඉන්නෙ මුලු ලෝකෙම ඉන්නෙ රට මොල්ලු කියලා. ෑන්ස්ලා තමයි පොරවල් කියලා.
ත්‍රිපෝෂ අඩු පාඩු පැහිදිලි කලාට රජයේ සේවකයන්ට මාද්‍ය තහංචි දෙම්ම වගේ, ආණ්ඩුවට බැරිද IMF එකටත් තහංචි දාන්න? රනිල් ආවොත්, ජාත්‍යන්තර ආධාර ගලා එනවයි කියල. කෝ දැන්? මෛත්‍රීපාලට තිබුණු පිලිගැනමක් හෝ මේ රනිල්ට නැහැ නේ.
පොහොට්ටුවේ හොරුන් සහ රනිල් රාජපක්ෂ ඉන්නකන් ඕක කරන්න බැහැ. වහාම ඡන්දයක් තියන්න.
එ කියන්නෙ වැඩි කල් නොගිහින් ආයෙත් කොල්ලො ජනාධිපති මන්ඩිරෙ පිහිනුම් තටාකෙන් නාන්නයයි වගෙ?