ගාලුමුවදොර උපවාසයේ නිරත තෙරිපැහැ හිමියන් රෝහලට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යයක් ග්රහයක නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22) ඇතුළත් කෙරිණි. 22 April 2022
‘‘නව සංශෝධයනට සියල්ල සහය දිය යුතුයි‘‘ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන්නයි ප්රජාතන්ත්රවාදය අගය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේය. 22 April 2022
’’ආරක්ෂක මණ්ඩලයට කැඳවූවත් ගියේ නෑ’’ ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත් තමා එහි නොගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පැවසීය. 22 April 2022
කිරි පැකට් ලොරිය දුම්රියේ ගැටී කුඩු වෙයි කොළඹ පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව, ගොරොක්ගස්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා අලව්ව දිසා රෝහල්ගත කර ඇති බව අලව්ව පොලිසිය පවසයි. 22 April 2022
‘‘ඕනෑම කෙනකු සමග වැඩ කරන්න සූදානම්‘‘ අන්තර් කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පත් කරගන්නා ඕනෑම පුද්ගලයකු සමඟ වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පැවසීය. 22 April 2022
දෙවුන්දර පොලිස් රියට ගල් ප්‍රහාරයක් ගන්දර පොලිස් ස්ථානය අයත් කැබ් රථයට ඊයේ රාත්‍රි දෙවුන්දර නගරයේදී කිසියම් පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් අලාභහානි කර ඇතැයි පොලිසිය කියයි. 22 April 2022
කටාර් හි සිරගත කර සිටි ලාංකිකයන් 20කට නිදහස කටාර් රාජ්‍යයේ සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබේ. 22 April 2022
අයි.එම්.එෆ් ප්‍රගතිය මුදල් ඇමැති කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2022
විජිත බේරුගොඩ වරායෙන් මහා මාර්ගයට වරාය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද යළි දිවුරුම් දුන්නේය. 22 April 2022
රජය ආර්ථික ප්‍රශ්න විසඳන හැටි පාර්ලිමේන්තුවට කියන්න රජය ආර්ථික ප්රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2022
විපක්ෂ නායක පාර්ලිමේන්තු ඇවිත් කතා කරන්නේ මීඩියාවලට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ ’’මීඩියාවලට’’ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2022
අගරදගුරුතුමෝ ඇතුළු පිරිසක් වතිකානයට පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ. 22 April 2022
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 22 April 2022
41කේ කණ්ඩායමෙනුත් ව්‍යවස්ථා සම්පාදනය යෝජනා රජයෙන් ස්වාධීන වූ 41 දෙනාගේ ව්‍යවස්ථා සම්පාදනය යෝජනා අද කථානායකවරයාට බාර දුන්නේය. 22 April 2022
බහුතරය පිළිගන්නා කැබිනට්ටුවක් ඉල්ලයි රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 22 April 2022
වැස්ස වැඩි වෙන හැඩ පවතින වැසි තත්වය අද (22) තරමක් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 April 2022
සිනමා පටයකට ඊශ්‍රායලයෙන් මෙරටට ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ’’ ආරුගම්බේ ’’ නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . 22 April 2022
මංගල වෙනුවෙන් සත්‍යක්‍රියාවක් ’’අරගලය’’අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (21)පස්වරුවේ පැවැත්විණි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දින නිමිත්තෙන් මෙම සත්‍යක්‍රියාව සංවිධාන කොට තිබිණි. 21 April 2022
‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය. 21 April 2022
චීන තානාපති - විදෙස් ඇමැති හමුවක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද [21] පැවැත්විණ. 21 April 2022
පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාකරුවන් වැසූ පාර ගම්මු අරිති මදුරන්කුලිය නගරයේ පෙට්‍ර්ල් ඉල්ලා පිරිසක් අද 21 දින විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමග කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය පවසයි. 21 April 2022
රඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේ රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතය. 21 April 2022
පක්ෂ කීපයක කෙටුම්පත් කතානායකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සම්බන්ධයෙන් කෙටුම්පත් කතානායකවරයාට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 21 April 2022
ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් මග ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් මේ මස 25 සහ 27 දෙදින ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 April 2022
රක්ෂණ සභාපතිට ලිට්රෝ සමාගම බාර දෙයි ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර තිබේ. 21 April 2022
මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත 21 April 2022
හමුදාපතිගෙන් ඉල්ලීමක් යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගය මේ අභියෝගාත්මක අවස්ථාවේදී ද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව ආරක්ෂ්ක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 21 April 2022
රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාරඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිද්ධියෙන් පසු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.න කියයි. 21 April 2022
පැන්ඩෝරා විමර්ශන ඇන හිටියි ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක ’’පැන්ඩෝරා පත්‍රිකා’’ පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසයි. 21 April 2022
දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට දෙයි විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 21 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026