IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උගන්ඩා ජාතිකයාගේ උදරයෙන් කෝටියක ‘කොකේන්’ එළියට ගනී

(යොහාන් භාසුර)

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිල ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ උගන්ඩා ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදන්ත සිල්වා මහතා පැවසීය.

උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 ක මෙම පුද්ගලයා ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්ථයේදී නවතා ප්‍රශ්න කිරීමේදී ඇතිවූ සැකය මත පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් කළ පරීක්ෂාවේදී උදරයේ තිබූ සැක කටයුතු ගුලි රේගු නිලධාරීන් නිරීක්‍ෂණය කළ බවත් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු තම උදරයේ කොකේන් අඩංගු ගුලි තොගයක් ඇත්තේ යැයි හෙළි කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉන් පසුව සැකකරුගේ ශරීරයෙන් ගුලි 17 ක් ඉවතට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 12 ක් පමණ වන්නේ යැයි ඇස්තමේන්තු කර ඇති බව ද සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මත්ද්‍රව්‍ය අඩංගු ගුලි ඉවතට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (2)

උගන්ඩා ජාතිකයාගේ උදරයෙන් කෝටියක ‘කොකේන්’ එළියට ගනී

පිටරැටියා Wednesday, 28 September 2022 10:33 PM

ආයෙත් උගන්ඩාවෙන් කවුරු හරි ආවොත් ෂුවර් එකටම ඩොලර් ගිලපු කෙනෙක් වෙන්නම ඕනෑ...!

:       0       0

kasalasira Saturday, 01 October 2022 01:53 PM

සම්බන්ධකම් නැතිව ඉබාගාතේ ආපු ගමනක් නෙවෙයි. හොයලා බලමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 304 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site