
(නිමල කොඩිතුවක්කු)
මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට හෙට(29) දිනයේ තමන් සහභාගී වන බැවින් හෙට පැවැත්වෙන ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
කෙටි දැනුම් දීමක් මත පමණක් හෙට දිනයේ හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදි ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව පක්ෂය, දෙවනුව පක්ෂය, තෙවනුව පක්ෂය... පක්ෂය පක්ෂය පක්ෂය. රට... වැඩක් නැත වැඩක් නැත වැඩක් නැත. ආණ්ඩු බලය ඊට වැඩිය වැදගත්ය. ඔන්න අපේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක් දැක්ම.
අනේ හොදයි , වාසනාවයි .
මේ වගේ විපක්ෂ නායකයෙක් නිසයි මේ වගේ වෙන්නේ... විපක්ෂ නායකයා කියන්නේ ඕනෑම වෙලාවක බලය ගන්න සූදානම් කෙනෙකුට. හැමදෙයින්ම මග අරින්න බැරි නිසා වෙන්න ඇති... ඔය තනතුර සුදුස්සෙකුට දුන්නා නම් හොඳයි නේද?
ඔන්න අපේ වගකිවයුතු පක්ෂයක වගකිව යුතු නායකයා..! රටේ ආර්ථික ප්‍රශ්නය විසඳනවාට වඩා ජනහමුවලට ගිහින් ඡන්ද කඩාගන්න එක වටිනවා එයාට...
ඔබ තුමා මොහොකටවත් සහභාගි වෙන්න එපා. ඔහොමම ඉන්න.
ජාතික සභාවට එක්වෙන්නත් අසයි බයයි නැතිව වැටිච්ච රට ගොඩ ගන්න ඔබ ඔතනට ගෙන ආව නායකයන්ට උදව් කරන්න. ඒකයි මනුෂ්‍යයන්ගේ පරම යුතුකම වෙන්න ඕනි. කකුලෙන් ඇඳීම ඉරිසියාව අයින් කර ගන්න.
මිනිස් සිරුර වේවා යන්ත්‍රයක් වේවා රටක් වේවා සියලු කොටස් එකවගේ ක්‍රියාත්මක වුනොත් වැඩ කරනවා නැත්නම් එකතැනක පල්වෙනවා.නැත්නම් නවතිනවා අගාධයට වැටුණු රට ඔක්කොමලා එකතු නොවුනොත් ගොඩගන්න බැහැ ඔබටත් සමහරක් එවුන්ටත් රටට වඩා පක්ෂය රැකීමත් රටේ විනාශයත් අවශ්‍ය බව පැහැදිලිවම පේනවා
අනේ ෂයිලොක් නොදිටි මොක්පුර
සහබාගි වෙන්න ආසයි බයයි. පස්සේ ජාතික සබාවට පත්වෙච්ච අයගේ වැරදි කියනවා. ඔන්න මගේ හැටි.
හරක් සමිති සමාගම් වලට ගන්නවද?
ඔය පොහොට්ටුවේ හොර සෙට් එක ඉන්නකන් මොනවා කළත් වැඩක් නැහැ. වහාම ඡන්දයක් තියන්න.
හොරුන් එක්ක ජාතික සභා හැදීම... ඒකත් හොර ගුබ්බෑයමක් වීමයි. ඒ කාලය දුප්පතා වෙනුවෙන් වෙන්කිරීම දහස් වාරයක් ප්‍රයෝජනවත්...!