(මනෝප්රිය ගුණසේකර)
තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට අද (28) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය බාරදීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් 30,000/- බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 01 1/2 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් විත්තිකරුවන්ට ඇප මත මුදාහැරීමට නියම කොට ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබාගැනීමට නියම කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය සඳහා නඩුව යළි කැඳවීමටද නියම කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථවක කොළඹ ප්‍රධාන මහෙස්ත්රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට ඔවුන් දෙදෙනා නිදහස් කෙරිණී.
නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලස යළිත් වරක් නඩු පවරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කොහේද ඔප්පු වෙන්නේ... ඊළඟ සැරේ නිදහස් කරලා දායි.
මොන හිඟන්නෙක්ද මේ?
කෙහෙළියට තියෙන දේපළ හැටියට ඇප ගෙවන එකත් මහ ලොකු දෙයක්ද? ඕස්ට්‍රේලියාවේදී කොටු පැනලා කකුල් කඩාගත්තු එකටත් ජනතාවගේ බදුමුදල්නේ වැය කෙරුවේ...!