(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සමාජයීය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති මිලියන ගණනක ජනතාවට සහාය වීම සඳහා යුරෝ මිලියන 1.5 (ශ්‍රී ලංකා රුපියල් 558128456) ක මුදලක් යුරෝපා සංගමය නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැඩි අවදානමට ලක් වූ මෙන්ම දුප්පත් ජනතාවගේ ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව යන මූලික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ආධාර ලබා දීමට මෙම සහාය යොදා ගැනෙනු ඇතැයි යුරෝපා සංගමයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd