(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදිය රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම රැඳවියන් අතර මරණ දඩුවම නියම වූ 43 හැවිරිදි පුද්ගලයකු ද සිටින බවත් ඔහු විශිෂ්ට සම්මාන 4 ක සහ සම්මාන සාර්ථකයක් ලබාගෙන ඇති බවත් ඒකනායක මහතා කීය.
වසර 25 ක සිරදඩුවමක් විදින 52 හැවිරිදි රැදවියකු විෂයන් පහටම විශිෂ්ට සම්මාන ලබාගැනීම කැපී පෙණෙන බව කී ඒකනායක මහතා සෙසු රැඳවියන් දෙදෙනා ද විශිෂ්ට ලෙස සමත්ව ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලුවන්ටත් මුලදී ඔය වගේ විභාගයක් තියන්න බැරිවුණානේ...?
බලාගෙන.. හිටපු ගමන් රහත් වෙන්නත් ඉඩ තියෙනවා...
අපරාදෙ අර කප්පන් නඩුවෙන් වැරදිකාරය වුණු ඇමතිත් හිරේ යවලා ධර්මය ඉගැන්නුවනම් විශිෂ්ට සාමාර්ථයක් ගනීවි. එහෙම නැතිනම් ඒකෙ ඉන්න ජේලර්ලා සමග කප්පම් ගැලීම පිළිබඳව අත්දැකීම් බෙදාහදාගෙන එළියට ඇවිත් පරන හිරකාරයොත් යොදාගෙන ව්‍යාපාරය හොදින්ම කරගෙන යාවි.
ලංකාවේ එළියේ ඉන්න ඕන උගත් ධර්මය ගැන දැනුමක් තිබෙන මිනිස්සු ඉන්නේ ඇතුළෙ. ඇතුලෙ ඉන්න ඕන මිනිස්සු ඉන්නේ එළියේ. ඔවුන්ගෙන් සමහරක් ඉන්නේ පාර්ලිමේන්තුවෙ.