(නිමල කොඩිතුවක්කු)
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරති.
සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට අදාල දිමනාව මෙතෙක් හිමි නොවු බවත් ඔව්හු පවසති.
වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාබී වැඩිහිටි පිරිසට වැඩිහිටි දීමනාව ලෙස රජය මගින් මාසිකව රුපියල් 2000 ක මුදලක් පරිනමනු ලබයි.
එම මුදලින් රුපියල් 100 ක මුදලක් අයකරමින් රුපියල් 1900 ක මුදලක් තැපැල් කාර්යාල මගින් සෑම මසකම 15 ත් 22 ත් අතර දිනයන්හීදී විඩිහිටියන් වෙත පිරිනමනු ලබයි.
මෙම මාසයට අදාල වැඩිහිටි දීමනාව නොලැබීම සම්බන්ධයෙන් වැඩිහිටි මහලේකම් කාර්්‍යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම මස සිට එම දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබා දෙන බවයි.
මෙතෙක් එම මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බවත් හැකි ඉක්මනින් එම මුදල් ලබා දීමට කටයුතු කරන බවත් ඇය තව දුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටි දීමනාවත් පමා කරන්න තරම් පහත් තත්ත්වයට වැටිලා. ඇයි බැරි ඩිජිටල් පද්ධතිය යොදා හැඳුනුම් පතට අනුව ඒ මාසිකව දෙන සුළු දීමනාව සෑම ආයතනයකම මාසික වේතනයක් ලැබෙන සේ දෙන්න. ඒ මනුස්සයන්ගේ මාසෙ පඩිය නේද? අනික ඒකෙනුත් රු.100 ක් කපා ගන්නවා..