පාර වැහුවැයි මාධ්‍යවේදීහු පොලිසි යති කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද පෙරවරුවේ පොලිසිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළහ. 24 April 2022
කඩුල්ලෙන් දස්කම් පෑ ක්‍රීඩිකාව දිවි නහ ගත්තේ ඇයි මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙළවැලදාගෙන අද (24) පෙරවරුවේ සියදිවි නසාගෙන තිබේ. 24 April 2022
නව අමාත්‍ය මණ්ඩලයේ මංගල රැස්වීම හෙට නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී හෙට (25) පස්වරු 5.00ට පැවැත්වේ. 24 April 2022
විධායකයේ තටු කපන යෝජනාව හෙට කැබිනට්ටුවට විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන යෝජනාවක් හෙට (25) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 April 2022
උත්සව ගාස්තු සියයට 40කින් ඉහළට උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය. 24 April 2022
ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහලට ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය නිසා මූඩිස් ආයෝජක සේවාවන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් CA – 02 සිට CA දක්වා පහත හෙලා තිබෙන්නේ යැයිද මේ තත්ත්වය මත රට ඉතා භයානක තැනකට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(24) පැවසීය. 24 April 2022
හෙට සිට දින තුනක් පැය 4 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සිට 27 වැනිදා දක්වා දින තුනක් සියලුම කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය. 24 April 2022
ජනපතිගෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුනට පිළිතුරු ලිපියක් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ . 24 April 2022
ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 April 2022
චීන සිසුන්ගෙන් මෙරට සිසුන්ට මුදල් ත්‍යාගයක් චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය. 24 April 2022
විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති. 24 April 2022
කිරිපිටි මිල මෙම සතියේ ඉහළට ? ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 April 2022
ඇඹිලිපිටිය එස්.පී. ගාලු කොටුවෙන් පහළට වැටී රෝහලට ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්.මෙන්ඩිස් මහතා ගාලුකොටු පවුරෙන් පහළට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 24 April 2022
කොටුව වටේට මාර්ග බාධක කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 24 April 2022
ඇත් දළ රැජිනක සමග අයෙක් මාට්ටු ඇත් දළකින් නෙළන ලද රැජිනකගේ රුවක් සහිත පිලිමයක් රුපියල් ලක්ෂ 50 ක මුදලකට සමාජ මාධ්‍ය හරහා විකිණීමට තැත් කළ පුද්ගලයකු රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි . 24 April 2022
’’සුනාමියේ දෙවෙනි රැල්ලට ඔක්කොම ගලවාගෙන යනවා ’’ දැන් පවතින්නේ සුනාමියේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල කොයි මොහොතේ හෝ පැමිණියහොත් සියලු දෙනා ගලවා ගෙන යන බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය. 24 April 2022
සබන් මිල අහස උසට නංවයි සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබේ. 24 April 2022
පළාත් රැසකට අද සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 April 2022
සහල් දුන් විදේශිකයාගෙන් බෙහෙත් ගන්න අත දෙයි වැලිගම නගරයේ අවුවැසි නොතකා සතෝස පොලිමේ සිටි 129 දෙනකුට සහල් කිලෝ පහ බැඟින් ලබාදුන් ඊශ්‍රායල් ජාතික ග්‍රයි රොසම්බ්රක් මහතා රුපියල් 2000 බැගින් බෙහෙත් ගැනීමට ආ පිරිසට පරිත්‍යාග කළේය. 24 April 2022
රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය. 23 April 2022
චමින්ද වෙනුවෙන් අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් අරලියගහ මැදුරේ ප්‍රධාන ගේට්ටුවේ සුදු කොඩිවලින් සරසා ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 23 April 2022
හෙට විරෝධයට අධිකරණය දුන් තීන්දුව ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව (24) හෙට දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය. 23 April 2022
ජම්බු ගෙඩියෙන් ආ මාරයා දැරිය ඩැහැ ගනී ජම්බු ගෙඩියක් උගුරේ සිරවීමෙන් වයස අවුරුදු 08 ක දැරියක් අද දහවල් මියගොස් ඇති බව වාරියපොල රෝහල කියයි. 23 April 2022
රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි . 23 April 2022
කෝපා කමිටුවෙන් සුරාබදු ප්‍රධානීන්ට නිර්දේශ මාලාවක් සුරා බදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කළේය . 23 April 2022
අන්තර්වාර රජයකත් අගමැති මමයි අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 23 April 2022
වාසු උදය ඇතුළු පිරිසක් චීන තානාපති හමුවෙති ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබා දෙන්නැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ චීන තානාපති සී.චෙන්හොන්ග් මහතා හමුවී ඊයේ ඉල්ලීමක් කළහ. 23 April 2022
ඉන්ධන මිල වැඩි වුණත් මන්ත්‍රී තෙල් දීමනාව පරණ ගාණටම ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. 23 April 2022
මැතිසබේ පිරිතත් කතානායක කල් දමයි පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත. 23 April 2022
ගො.ද්‍ර.ස සභාපති ’’කෝප්’’ එකට කැඳවූ දිනට පෙරදින අස්වෙලා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප් )කැඳවූ දිනට පෙර දින එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර තමා තනතුරෙන් ඉල්ලා අස්වූයේ කමිටුවට කැඳවූ නිසා දැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ හිටපු සභාපතිවරයාගෙන් විමසා ඇත. 23 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026