IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ගන්න මූලික පියවර තබයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවන්නැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කළේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා අතර  සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ඉහත යෝජනාව සිදු කළේය.

ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට 28 වැනිදා පිලිපීනයට ගියේය.



අදහස් (11)

ලංකාවට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ගන්න මූලික පියවර තබයි

කිරි පුතා Friday, 30 September 2022 01:28 PM

අවුලක් නෑ. වෛද්‍ය විද්‍යාලයක් තමයි බැරි... මොකද ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන්න ඕන එකම එක ක්‍රමයයිනේ..! . එතකොට තමයි හැට පැනලත් වැඩ්ඩන් වගේ බදාගෙන ඉන්න පුළුවන්... අතිකාල පොත අතේ තියාගෙන වැඩ කරන්න පුළුවන්... හැමදාම වෛද්‍ය වෘත්තිකයින් අඩුයි කියලා යෙහෙන් වැජඹෙන්න පුළුවන්...

:       4       25

සුද්දා Friday, 30 September 2022 06:06 PM

කවුරු මොනවා කිව්වත් කිරිපුතා හරියට හරි කෙසේ හෝ පුද්ගලික වෙද විදුහලක් හෝ කීපයක් ලංකාවේ පිහිටුවිය යුතුමයි...

:       0       12

abFriday, 30 September 2022 06:14 PM

මේවනවිට ලොවපුරා සීග්‍රයෙන් දිනපතා සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස සහ ඒ පිලිබදව සිදුවන සාකජ්ජා හමුවේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ඉල්ලා සිටීම ඉතාම වැදගත් මෙන්ම කාලෝචිත ඉල්ලීමක් වේ. ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ අදයයනය කරනාවූ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කල යුතුවේ.

:       0       8

seneSaturday, 01 October 2022 08:38 AM

මේ ලොක්කා කේන්ද්‍රස්ථාන කීයක් දැන් අවුරුදු 40 පමන බලයේ සිටි කාලයේදී පිහිටුවාද ? අපි ඉක්මනින් ලෝකයේ බඩගින්නට කේන්ද්‍රස්ථාන බවට පත් කොරන බවනම් විශ්වාසයි.

:       3       0

Suminda gems Friday, 30 September 2022 01:31 PM

මෑත ඉතිහාසයේ වෙන දේ කියන.. කියන දේ කරන ජන නායකයෙකි. දීඝායූ...

:       9       21

sharm warn Friday, 30 September 2022 01:34 PM

සයිටම් එක විනාශ කරනකොට ඔය මොලේ පහළ වුණේ නැද්ද? මිනිස්සු කොච්චර කිව්වද ඒක නියාමනය කළාම විදේශ සිසුන්ට අවස්ථාව දීලා විනිමය උපයන්න යොදාගන්න කියලා. දැනටත් කරන්න පුළුවන්. මේ ගහන්න යන ගේම .

:       9       18

මරිසිපාලSaturday, 01 October 2022 12:45 PM

සයිටම් එක විනාශ කරපු කල්ලිය තමා යහපාලනය පෙරලා රාජපක්ෂලා බලයට ගෙනාවෙ කියලා අමතකද?

:       0       1

අරගලයට ජයවේවා!! Friday, 30 September 2022 01:41 PM

ලෝකයේ රටවල් කිහිපයක අපේ රටේ අරගල කරපු විදිය දැකලා ඒ රටවලත් ඒ විදියටම අරගල කළ නිසා "ලංකාවට ජාත්‍යන්තර' "අරගල" ‘විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න" කියලා මූලික පියවර තබන්න කියයි කියලයි මට සැක...!

:       9       13

Chandima Friday, 30 September 2022 03:32 PM

ඔය කියන විෂයය ඉගෙනගෙන රස්සාවල් හොයාගන්න තියෙයිද? රස්සාවල් හොයන්න බැරි උපාධි ගන්න සල්ලි වියදම් කරගෙන පිටරටින් ළමයි එයිද? ඊළඟට ඔය උපාධිය ගත්තු උගතුන්ගෙන් රට මේ වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න රුකුලක් ලැබෙයිද?

:       10       4

SL Friday, 30 September 2022 04:27 PM

AIT එන්න ගියේ ලංකාවට, ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය එන්න ගියේ ලංකාවට. ජෙප්පෝ නිසා ඒවා නැති වුනා ඔන්න පෙරට්ටන්ට , තමන්ගේ මුලාදෑනියා ලාගෙන දොළ පිදේනි අරගෙන, පාරට බහින්න අනගි අවස්තාවක්.

:       1       15

Perera Saturday, 01 October 2022 01:24 AM

රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මේ මඟුලක් කතාකරනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site