IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එස්.ටී.එෆ් සුභසාධක කඩේ බඩු පිට කළැයි පොලිස් පරීක්ෂකවරියට ඇප

 

(නිමන්ති රණසිංහ )

පොලිස් විශේෂ කාර්ය බලකායේ සුභ සාධක වෙළෙඳසල භාරව සිටිමින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ අවසරයකින් තොරව බැහැර කිරීම හා පරිහරණය කරන ලදැයි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක්  මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ(29) නියෝග කළේය

මෙලෙස අප මත මුදා හැරුණේ  පොලිස් නිවාස මරදාන කොළඹ 10 හි පදිංචි යමුනා කුමාරි ධම්මිකා එදිරිසිංහ නැමැති පොලිස් පරීක්ෂකවරියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සුභ සාධක   සංගමයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීලාල්  ජාගොඩආරච්චි මහතා විසින් කුරුඳුවත්ත පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (3)

එස්.ටී.එෆ් සුභසාධක කඩේ බඩු පිට කළැයි පොලිස් පරීක්ෂකවරියට ඇප

ravin Friday, 30 September 2022 02:20 PM

තමන්ගේ දේවල් නිසිලෙස ආරක්සා නොකරගෙන අනුන්ගේ දේවල්වලට ආරක්ෂාව සපයන්නේ කෙසේද?

:       0       11

PereraSaturday, 01 October 2022 11:29 AM

මෝඩයින් බහුතරයක් ඉන්න රටකට ඔය ප්‍රශ්න අදාළ නැහැ

:       0       0

Bamunuarachchi Saturday, 01 October 2022 06:57 AM

කම්බා හෙරක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site