IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිමෙන්ති සංස්ථාවට කෝටි 18ක පාඩුවක්

 

(සුජිත් හේවාජුලිගේ)

ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත රාජ්‍ය සමාගමට ලබාදී ඇති  ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ  තෙල් ටැංකි  දෙක සහ නළ පද්ධති සඳහා  2010 වර්ෂයේ සිට පසුගිය වර්ෂයේ (2021)දෙසැම්බර් 31 වෙනිදා  දක්වා ලැබිය යුතු  රුපියල් දහඅට කෝටි  හතළිස් හය දහසකට වැඩි බදු කුලී ආදායමක්  අයකරගැනීමට සංස්ථාව මේ දක්වා අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ  වාර්තාවක සඳහන් වේ.

සංස්ථාවේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට  ලබාදී ඇත්තේ ලිඛිත ගිවිසුමකට එළඹීමෙන් තොරව බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල හැකි ඉක්මනින් අයකර ගැනීමට ක්‍රියා කළ යුතු බව විගණන අංශ නිර්දේශ කර ඇත.

ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් රටේ පවතින තත්වය හේතුවෙන් මෙම මුදල ලබා ගැනීම මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව කළ නොහැකි තත්වයක් උදාවී ඇති බවත් සංස්ථාවේ කළමනාකාරීත්වය  ජාතික විගණන කාර්යාලයට දන්වා ඇත.

මේ අතර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පසුගිය වර්ෂයේදී  රුපියල් හය කෝටි පනස් දෙලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇතත් සංස්ථාවට අනියුක්ත නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් හා දීමනා ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් දෙකෝටියකට  ආසන්න වටිනා වියදමක් දරා ඇතැයිද  එම කාර්යාලය සඳහන් කරයි.

එම වියදම මුළු බදු කුලී ආදායමෙන් සියයට 31ක් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

සංස්ථාව සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් මෙතෙක් සිදු නොකරන බවත් සංස්ථාව මේ දක්වා ලබන්නේ  ආයතනය සතු අක්කර 5164ක්වූ අරුවක්කාලු  හුණුගල් නිධිය බදු දීම, පලාවි පිහිටි අක්කර 12ක ඉඩම බදු දීම හා කොල්ලුපිටියේ පිහිටි පර්චස් 89ක ඉඩම  රථගාලක් පවත්වාගෙන යෑමෙන් ලබන ආදායම පමණක් බවත්  එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන්වී ඇත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ජාතික විගණන  කාර්යාලයේ වාර්තාවේය.



අදහස් (3)

සිමෙන්ති සංස්ථාවට කෝටි 18ක පාඩුවක්

ravin Friday, 30 September 2022 02:18 PM

‘‘ඒකනේ අපි හෙමින් සීරුවේ සිමෙන්ති කම්හලක් ඇරඹුවේ.. සංස්ථාව බිම... අපි ගොඩ" සංස්ථාවට අනුයුක්ත නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් හා දීමනා ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා වියදමක්"? මෙතන හෙංචයියලා කී දෙනෙක් ඇතුළත්ද?

:       0       11

de silva Friday, 30 September 2022 04:11 PM

පාලක නිලදාරින්ගෙන් මෙම මුදල් අයකරගන්න

:       0       5

True Saturday, 01 October 2022 10:39 AM

Everything in sri lanka lost. What about our well educated ministers... They have to show how to develop. Otherwise don't take any rolls without knowledge. Please go away. Its good for you and good for innocence people who live in sri lanka.. NAMO BUDHDHAYA

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site