IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අග්‍රහාර කාඩ්පත් අක්‍රියවී කෝටියක පාඩුවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ අරමුදලේ  කාඩ්පත් (2014 වර්ෂයේ ලද) සියල්ල අක්‍රිය  තත්වයේ පැවතීම හේතුවෙන් එම කාඩ්පත් සහ යන්ත්‍ර සඳහා ගෙවන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම අරමුදල 2018 වර්ෂයේ ජුනි මස මිලදී ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත් වලින් සියයට සියයට 65 ක් එනම් 65504ක්  හා පෙබරවාරි මස මිලදී ගන්නා ලද රන් කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37 ක ප්‍රමාණයක්  2019 වර්ෂයේ ඔක්තෝබර් 10 දින වනවිටද   ආයතනයේ  පැවතුණු බවත් එම රන් කාඩ්පත් ප්‍රමාණයෙන් කාඩ්පත් 13,750 ක් සඳහා දත්ත ඇතුළත් කිරීමටද  කටයුතු කර නොතිබුණු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ  වාර්තාවක සඳහන් වේ.

තවද මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් හෝ නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවීමේ දොරටුව අසල ගොඩ ගසා තිබූ බවද විගණන නිලධාරීන් නිරික්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන්වී ඇත්තේ අග්‍රහර අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකය.



අදහස් (1)

අග්‍රහාර කාඩ්පත් අක්‍රියවී කෝටියක පාඩුවක්

Krishan Friday, 30 September 2022 02:22 PM

ඔය කාඩ් දුන්නා කියලා වැඩකුත් නැහැ. අවසානයේ රෝහලේ බිල ගෙවන්න ඕනෑ තමන්ගේ මුදලින් ඔය කාඩ් එකෙන් කිසිම ගෙවීමක් කරන්න බැහැ. බොරුවට සල්ලි කපාගන්නවා විතරයි. අග්‍රාහාරය මිනිස්සු බොරුවට සෙල්ලමට රෝහල්වල ඇඩ්මිට් වෙන්නේ නැහැ. රෝගයකට මිසක අපි අතින් ගෙවලා අග්‍රහාර එකට බිල් යැව්වාම ගෙවන්නේ රන් එකට 60%ක් විතරයි.. ලොකුවට කිව්වාට ගෙවන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site