IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුලියට ගෙයක් ගන්න ගිහින් අයිතිකාරියට පිහි පෙන්වා රන්බඩු කොල්ලකාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා  බිය ගන්වා  පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු  ඇතුළු පුද්ගලයන්  පස් දෙනෙකු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි

අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් වන බවත් පොලිසිය සඳහන් කරයි

ඉකුත් හත් වෙනි දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා ව තිබූ  මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පේරාදෙණිය පිළිමතලාව හා දොම්පේ ප්‍රදේශවල දී ය

 එම සැකකරුවන් මීට වසරකට පමණ ඉහතදී පැමිණිලිකාරිය ට අයත් කඩ කඩකාමරයක් කුලී පදනම මත ලබා ගෙන ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත

කොල්ල කන ලද රන් භාණ්ඩ වලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත



අදහස් (2)

කුලියට ගෙයක් ගන්න ගිහින් අයිතිකාරියට පිහි පෙන්වා රන්බඩු කොල්ලකාලා

කිරි පුතා Friday, 30 September 2022 10:56 AM

හොරකම් කරන සහ කරන්න සැලසුම් හදන සියලු දෙනා දැනගත යුතු යථාර්ථය තමයි අන්තිමට ඔවුන්ට ඉතිරි වන්නේ... සිරගෙදර සහ අකුසලය පමණක් වග...

:       1       10

Hafeel Friday, 30 September 2022 04:35 PM

නමුත් ලංකාවේ දේශපාලකයෝ කොච්චර හොරකම් කලත්, කප්පම් ගත්තත්, කොමිස් ගත්තත්, දුෂණ වංචාවලට සම්බන්ද වුනත්, මිනිස් ඝාතන කලත් ඔවුන් හිරේ යන්න නැහැ. ඔවුන් යන්නේ පාර්ලිමේන්තුවට. දන්නව නේ මේතකදී කප්පම් ගත්තු ඇමති කෙනක්ට ලැබුනෙත් අත්හිටු සිර දඬුවම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site