ලිට්රෝ ගෘහස්ථ ගෑස් සැපයුම නවතී ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවත් එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. 21 April 2022
ශ්‍රී ලංකන් ප්‍රධානීන් 25 වැනිදා කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සොයා බැලීම සඳහා එම ආයතනයේ ප්‍රධානීන් ලබන 25 වැනි දා සඳුදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත 21 April 2022
’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න ’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 April 2022
පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 21 April 2022
ජනාධිපති-අගමැති ධුර ලැබුණොත් සුළුතර ආණ්ඩුවකට යනවා ජනාධිපති ධුරය හා අගමැති ධුරය ලැබෙනවා නම් සුළුතර ආණ්ඩුවක් පිහිටවන්න සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 April 2022
පොලිස්පති ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ වලට අදාලව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් හෙට (22) පෙරවරුවේ ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. 21 April 2022
මුව ආවරණ ඉවත්කිරීමේ තීරණය අත්හිටුවයි මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 21 April 2022
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 April 2022
‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයන් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය. 21 April 2022
ඩීසල් ටොන් 40,000 ක් එයි ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි. 21 April 2022
තෙල් මිල වැඩි කිරීම නීත්‍යානුකූල නෑ මුදල් ඇමතිගේ අවසර නොගෙන කළ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 April 2022
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මූල්‍ය දත්ත මැකිලා පරිගණක මෘදුකාංග ගැටලුවක් නිසා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2017, 2018 සහ 2019, වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය. 21 April 2022
වෙඩි වැදී මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියේය. 21 April 2022
කතරගම ප්‍රා සභා සභාපති - උප සභාපති ගුටි පොරයක කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා සහ එහි උප සභාපති ඩී වී ශාන්ත මහතා අතර ඊයේ රාත්‍රි 7.00 ට පමණ නගරයේ හෝටලයක් තුල හටගත් බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ උපසභාපතිවරයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇතැයි පොලිසිය කියයි. 21 April 2022
ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඇමෙරිකාව පුරා කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 21 April 2022
‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘ යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 April 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මන්ත්‍රී ගැන ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නිදහස් කරනවාද? යන්න වහා ප්‍රකාශ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 April 2022
පාස්කු වින්දිතයන් වෙනුවෙන් මැති සබය නිහඬවෙයි පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරවය පළ කිරීම සඳහා මැති සබය විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 21 April 2022
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමක් කැඳවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21)පෙරවරු 11 .30 ට පැවැත්වේ. 21 April 2022
‘‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න‘‘ තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 21 April 2022
ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා කෙටුම්පත කතානායකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය. 21 April 2022
පාස්කු ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේෂ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 21 April 2022
සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 April 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) පස්වරු එකයි තිහට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී නිවේදනය කළේය. 21 April 2022
චීන තානාපති විපක්ෂ නායක අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි. 21 April 2022
ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ. 21 April 2022
දකුණට - බස්නාහිරට තද වැසි බස්නාහිර සහ දකුණු පළාත්වල අද(21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 April 2022
මෙරටට හදිසි ආධාර දෙන්න ලෝක බැංකුව සූදානම් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ,සෞඛ්‍ය උපකරණ ,පෝෂ්‍යදායි සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ලෝක බැංකුව පවසයි . 21 April 2022
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක අතිරේක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය 21 April 2022
පාස්කු ප්‍රහාරය ගැන කාවින්දගෙන් වතිකානයට සංදේශයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවුවත් ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉතාලියේ වතිකාන් කාදිනල් ප්රියෙට්රෝ පැරලින් උන්වහන්සේ වෙත කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 20 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026