IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවේ නිදහස දිනය නිව්යෝක් හි සමරයි

ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්විණ.

“India@75 - ඉන්දියාව - UN අතර සහයෝගීතාවය” යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති චබා කොරෝසි මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් අමිනා ජේ. මොහොමඩ් මහත්මිය සහ ආර්මේනියාව, ඇන්ටිගුවා සහ බාබියුඩා, සයිප්‍රස්, ගැම්බියාව, ගයනාව, ජැමෙයිකාව, මාලදිවයින, ටැන්සානියාව, ටිමෝර් - ලෙස්තේ සහ යෙමනය යන රටවල විදේශ අමාත්‍යවරුන් මේ සඳහා සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සහ ප්‍රංශයේ විදේශ අමාත්‍යතුමා විසින් මෙම අවස්ථාව සඳහා විශේෂ පණිවිඩයන් නිකුත් කළේය.

මෙම අවස්ථාව එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙසේ පැවැසීය. නිදහසින් පසුව ගෙවී ගිය 75 වසරක කාලය තුළ ලොව දිළිඳුතම රාජ්‍යයක සිට ලොව පස්වෙනුවට විශාලතම රාජ්‍යය දක්වා ඉන්දියාව පැමිණි පැමිණි බව සඳහන් කළේය.

ඉන්දියාවේ සංවර්ධනයෙහිලා තාක්ෂණයේ භූමිකාව අවධාරණය කළ විදේශ කටයුතු අමාත්‍යවරයා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ආහාර සුරක්ෂිතතා ජාලය ඉන්දියානුවන් මිලියන 800ක් දක්වා ඉහළ නැංවූ බව ප්‍රකාශ කළේය.

තාක්ෂණික ශක්තිය උපයෝගී කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 300කට අධික ප්‍රතිලාභ බෙදා දී ඇති අතර බිලියන 2කට අධික එන්නත් ප්‍රමාණයක් ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා අරමුදල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු ඒක රාජ්‍ය දකුණ - දකුණ වැඩසටහන බව ද ඒ හරහා මේ වන විට රටවල් 51ක සංවර්ධන ව්‍යාපෘතීන් 66ක් ක්‍රියාත්මක වන බව ද පැවසීය.

 

 



අදහස් (1)

ඉන්දියාවේ නිදහස දිනය නිව්යෝක් හි සමරයි

gunadasa Wednesday, 28 September 2022 11:07 AM

ඉන්දියාවේ නිදහස් දිනය නිව්යෝර්ක් වලදී සමරයි. මොකක්ද අපට තියෙන වැදගත්කම...?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site