(සුමිත් පොතුපිටිය)
වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාද්දුව, මොල්ලිගොඩ පිරිවෙන පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තාප්පයෙන් පැන ඉදිරිපස ජනේලයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු නිවසෙහි අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් මුදුවක් සහ රුපියල් 33000 ක පමණ මුදලක් සොරකම් කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
සොරකම සිදුවන අවස්ථාවේ පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ, දියණිය සහ ඇයගේ දරුවා නිවසේ රැඳී සිට ඇතැයිද සදහන් වේ.
අදාල පොලිස් අධිකාරීවරයා පසුගිය කාලසීමාවේ පානදුර කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙසින් රාජකාරි කල අතර , දැනට මාතර ප්‍රදේශයේ පොලිස් අධිකාරි තනතුරක් දරන බව සදහන් වේ.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ල ලියනවිට කවුද සැක කරන්නෙ කියලා ඇහුවෙ නැතෙයි
යකඩ පෙට්ටියටත් ගුල්ලෝ ගැහුවලු ඉතින්...