IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන අලි එලවන්න වසරකට මිලියන 2800 ක් වැයවෙයි

 

(අංජුල මහික වීරරත්න)

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක් බවත් දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන්  ඒවා මිල දී ගන්නා බවත් වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි.

වන අලින් ගම් වැදුනු අවස්ථාවල  පළවා හැරීම සඳහා වනජීවී නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ඇතැම් විට ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසංරක්ෂණ  නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එහිදී  ඔවුන් පවසා ඇත්තේ  වන අලි ගම් වැදුනු අවස්ථාවල ජනතාව වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නත් ඉන්ධන සීමාවන් නිසා ඇතැම් විට වනජීවී නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවයි.

එමෙන්ම දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බව ද වන ජීවී නිලධාරීන් සඳහන් කර ඇත.



අදහස් (4)

වන අලි එලවන්න වසරකට මිලියන 2800 ක් වැයවෙයි

Bunny Preena Wednesday, 28 September 2022 11:42 AM

වන අලි ප්‍රශ්නයත් සමහර නිලධාරීන්ට ‘‘රත්තරන් බිජු දමන තරම් වගේ.. ‘‘. විසඳුවා නම් තාරාවා මැරුවා හා සමානයි. ඔක්කෝටම ඉස්සෙල්ලා ඒ හොරු ටික එළවලා දාලා ඉන්න.

:       1       2

jaya Wednesday, 28 September 2022 01:28 PM

අලි 5000ක් ඉන්න රටේ අලියෙක්ට රුපියල් ලක්ෂ 5 ක් වියදම් කරන එක පාඩුද? අලි බලන්නම විදේශිකයින් කී දෙනෙක් රටට එනවාද?

:       1       1

sujith Wednesday, 28 September 2022 03:53 PM

අද රටේ වන අලි ගහනය මෙතරම් කුඩා රටකට දැරිය නොහැකි තරම්ය. මේ වල් අලින්ගෙන් බොහෝ විට බැට කන්නේ ඈත ගම්වල වෙසෙන දුප්පත් ගොවීන්ය. ඔවුන්ට ඇති මේ හිරිහැරය ගැන කතා කරන්නට කිසිවෙක් නැහැ. වර්තමාන වන අලි ගහනය පාලනය කිරීම සඳහා ගම් වදින අලින්ට වෙඩි තැබීම කළයුතුයි.

:       2       1

Jayantha Wednesday, 28 September 2022 04:13 PM

ඒ සල්ලි වියදම් කරලා ස්වභාව රක්ෂිතයට මායිම්ව ඇලවල් කපනවා නම් හොඳයි. ඒකෙන් මිනිස්සුත් අලිත් බේරෙයි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site