IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තොට ලඟ ගින්න ගැන හොයන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම වතු නිවාස පෙල නිරන්තරයෙන්ම ගිනි ගැනීමට ලක්වන බවත් ගතවූ වසර එකහමාරක කාලයේදී  තුන්වරක් එම නිවාස ගිනි ගැනීමට ලක්ව තිබෙන බවත්  අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

කජීමා වත්තේ පදිංචි වී සිටින  අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගත යුතු යැයිද ඇතැම් විට බදුල්ලේ අයත් එහි පදිංචි වී සිටින අතර ඔවුන්ට  ඒ ප්‍රදේශවලින්  නිවාස ලබා දිය යුතු යැයිද අමාත්‍යවරයා කීය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (28) රැස්වීය.



අදහස් (1)

තොට ලඟ ගින්න ගැන හොයන්න කමිටුවක්

Dulaj Wednesday, 28 September 2022 02:15 PM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 579 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 307 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site