IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ පිළිබදව මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණය බලයක් නොමැති බවත් නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (27) ප්‍රකාශ කළේය.

අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කැදවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ නෙරිල් පුල්ලේ මහතා එලෙස ප්‍රකාශ කළේය.

වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහාචාර්ය මහීන් මෙන්ඩිස් යන මහත්වරුන් පුමුඛ පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ  මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා සදහන් කර සිටියේ පෙත්සමේ සදහන් කරුණු අනුව මෙම ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ ණය නිසි පරිදි කළමණාකරණය නොකිරීම, විදෙස් සංචිත ආරක්ෂා නොකිරීම, බදු අඩු කිරීම වැනි කාරණා බවත්, මේ පිළිබදව විශේෂඥ දැනුමක් ඇත්තේ විගණකාධිපතිවරයාට බවත්ය. මෙහි සිටින කිසිදු පාර්ශ්වයකට ඒ පිළිබදව විශේෂඥ දැනුමක් නොමැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ජාතික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එය අධිකරණයට ඉදිරිපත කළ බවත් එම වාර්තාවට අනුව රටෙහි ණය කළමණාකරණ්‍ය වී ඇති ආකාරය පිළිබදව පැහැදිලිව සදහන් වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ගාමිණී මාරපන මහතා සදහන් කර සිටියේ මෙම පෙත්සම්වලින් ඉල්ලා ඇති සහන අතර ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් එම ඉල්ලීම සිදුකළ නොහැකි බවත්ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි.

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.



අදහස් (1)

රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට

චින්තක Wednesday, 28 September 2022 12:52 PM

නොදන්නාකමට නැත්නම් මෝඩකමට අහනවා කියලා හිතන්න. ඇත්තටම මුදල් කටයුතු කළමනාකරණය පාර්ලිමේන්තුවට තිබේ නම් පාර්ලිමේන්තුවේ නැති ජනාධිපති මුදල් කටයුතු කරන්නේ කොහොමද? එහෙම ඇහුවේ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මුදල් ඇමැති ලෙසට කරපු දෙයින් රටට සිදුවූ දේවල් නිසා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site