(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණවූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් මස 31 වැනි දින විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විශ්‍රාම යෑමේ අවම වයස 65 දක්වා දීර්ඝ කර ගැනීමට පසුගිය දිනවල උත්සාහයක නිරතව සිටියහ.
මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ වයස 60 සම්පූර්ණවූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් මස 31 වෙනිදා හෝ ඊට පෙර විශ්‍රාම ගත හැකි බව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ( පරිපාලන) තච්චනා රාණි මහත්මිය විශේෂ චක්‍රලේඛයක් පසුගිය 21 වෙනිදා දාතමින් යුතුව නිකුත් කරමින් දැනුම්දී ඇත.
විශ්‍රාම ලිපි ගොනු සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන ආයතන කාර්යාංශය වෙත බාරදෙන ලෙස වයස 60 සම්පූර්ණ වීම නිසා ලබන දෙසැම්බර් මස විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන්ට එමගින් දන්වා තිබිණ.
මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වයස අවුරුදු 50 ට එලඹීමෙන් අනතුරුව අවුරුදු 60 ට පෙරාතුව විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව පරිපාලන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම්, වන්චා, දූෂණ කරපු, රටම විනාශ කරපු, 60 පැනපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැනත් තීරණයක් ගන්නවා නම් තමයි හොඳ? එසේම වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
අඩුම ගානේ 80 පැනපු මැති ඇමතිවරු ටිකවත් විශ්‍රාම යවන්න බැරිද
තාවකාලික රැකියා සඳහා වසර 5කට එන අයට ඔය නීතිය බලපානකම් තමයි බලමින් ඉන්නෙ
එතකොට අර සබාව මැද්දේ ඉන්න නාකිහැතිකරේ ගෙදර යවන්නේ නැද්ද?
225 ට මේක බලපාන්නේ නැද්ද?
පාර්ලිමේන්තුවේ ඉන්න 70 පැනපු උන්ට මේ නීතිය නැත්තේ අැයි. උං ඔක්කොමට පෙර යායුතුයි.
මමනම් හිතුවා 225නුත් කොටසක් මේකට ඇතුළත් වේවි කියලා. බැලුවාම ඒ හොරු රැළ මේකෙන් නිදහස් කරලා. රටේ වැදගත්ම තැනට වයස ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? 65 පැනපු සේරම එළියට දාන්න ඕනේ.. ඒ වගේම විශ්‍රාම වැටුපත් රජයේ සේවකයන්ට දෙන විදිහටම දෙන්න ඕනේ. අවුරුදු 5ට තිබුණු සීමාව 10කළාට ඒකත් ගැලපෙන්නේ නැහැ.
ඒ කියන්නේ මේ ගොල්ලොත් අරගොල්ලෝ වගේම එල්ලිලා ඉන්නද උත්සාහ කරලා තියෙන්නේ? යසයි වැඩේ...
ගෙදර යව්වටනම් කමක් නැහැ. එත් ඇයි එයාලට විශ්‍රාම ගෙවන්නෙන් ? මොනව කෙරුවටද ?