IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට පනින්න හැදූ 6ක් තලෙමන්නාරමෙන් අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 6 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.  

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වැලිපරයක සැකකටයුතු ලෙස රැඳී සිටි  පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය වීමෙන් පසුව පරීක්ෂාවට කළ බවත් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් රැඳී සිටි බවට සැක සහිත වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවක් සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු  ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු එහිදී භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.  

එම පිරිස වව්නියාව සහ මොරවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගත් බව කී නාවික හමුදාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් තලෙමන්නාරම පොලිසිය භාරදුන් බව ද සඳහන් කළේය.  



අදහස් (1)

රට පනින්න හැදූ 6ක් තලෙමන්නාරමෙන් අල්ලයි

ganegoda Wednesday, 28 September 2022 05:46 PM

දැන් නන්දසේනත් මෙතන ඉන්නවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 331 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site