
(ඩයනා උදයංගනී)
වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව දරුණු යෝජනාවක් ගෙනැවිත් ඇතැයි කී මහාචාර්යවරයා ‘අපේම ජනතාව මර්දනයට සැලසුම් සහගතව ගෙන යන වැඩපිළිවෙලේ ඍජු ප්‍රතිඵලයක් ලෙස රට මෙලෙස ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත්වෙනවා’ යැයි ද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙලට එරෙහිව විපක්‍ෂය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, උපරිම උත්සාහයක් යොදමින් මේ මර්දනාකාරී වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රට තුළ අධිආරක්‍ෂිත කලාප නම් කර, මිලිටරි කඳවුරක් ලෙස ස්ථාපිත කරනවා නම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම කළ නොහැකි බව ද ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
මේ සියලු මර්දන සිදුවන්නේ මිනිසුන් නිශ්ශබ්ද කිරීමට බව කී ජී.එල් පීරිස් මහතා රටේ පවතින මන්ද පෝෂණය, ආහාර හා ඖෂධ හිඟය ආදිය ගැන ජනතාවට තොරතුරු හෙළි කරන නිලධාරීන් පවා විමර්ශනවලට බව කියා ගෙන්වා බියකිරීමට උත්සාහ කරන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජී.එල්.පීරිස් උන්නැහැ ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා. මහින්ද ජනාධිපති කාලේ කරපුව එහෙයි කියලා පිළිගත්තා .චන්ද්‍රිකා ගේ කාලේ ඉන්දන් එහෙට මෙහෙට පැන ඇමතිකම් අරගෙන බලතන්හාවෙන් වැඩ කරපු හැටිත් නොදන්නවා නෙවෙයි.. කිසිම ප්‍රතිපත්තියක් නැති දූෂිත දේසපාලුවෝ ?
හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රජපපක්ෂ මැතිතුමා... ළඟ ඉඳගෙන ලංකාව නන්නත්තාර කරන්න පාර කපපු අය දැන් තවත් බොරු බේගල් ඇදබාමින් ඉන්නවා. කොටි ඩයස් පෝරාවට සහ N G.O. සල්ලිවලට රෙදි අපුල්ලනවා.
මෙච්චර කල් රට බංකොළොත් කරපු රජයන් යටතේ ඇමැති පට්ටම් අරගෙන කඩේ ගියා මිසක් හොඳ, නරක, නීතිය සහ ජනතාවට අනාගතයේදී වෙන්න යනදේ ගැන කතා කළාද? දැන් පැනලා බබාද? අනික් අයත් මෙලෝ රහක් නැතිව රජවෙන්න නේද මේ දඟලන්නේ? අපි හාමතේ හිටියාට කමක් නැහැ. අපි හාමතේ. මේවා වෙන්න සහයෝගය දුන්නු අයටනේ දැන් කැක්කුම... ජනතාව මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු යවන්නේ නිකන් දෙන බත කාලා සුර සැප විඳින්නට නෙමෙයි... දැන් ඔක්කොම වැරදි කාරයින්. දැන්වත් ගෝ හෝම් වෙලා අපිට සැනසිල්ලේ ඉන්න රටක් ලබා ගන්න ඉඩ දෙන්න.
අනේ මෙහෙම තන්හාවක්