(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5.40 ක් වටිනා පෙට්‍රල් අඩුවෙන් නිකුත් කළ කොළඹ 7 පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පොම්ප දෙකක් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු මෙම ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මහජන උපයෝගිතා කොමිසම සහ කාර් මික තාක්‍ෂණ ආයතනය ඇතුළු ආයතන කීපයක් එකතුව කළ පරීක්‍ෂණයේදී අඩුවෙන් පෙට්‍රල් නිකුත් කළ බවට හෙළි වී ඇති අතර ඉන් පසුව එම ඉන්ධන පිරවුම්හලේ පොම්ප තුනෙන් පොම්ප දෙක මුද්‍රා තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් බොහෝවිට අඩුවෙන් ගහනවා කියලා හිතෙනවා මොකද පොම්පය ඉන්ධන පොම්ප නොකර මීටරය ධාවනය කරන නිසා ෆුල් ටෑන්ක් ගැසුවත් වරින්වර පොම්පය අක්‍රිය කරමින් ඉන්ධන පිරිවීම නිසා මීටරය ක්‍රියාත්මක වුනත් ඉන්ධන අඩුවෙන් නිකුත්වෙන්න පුළුවන් මෙනිසා කොමිසම උපාය දූතයන් යොදා වරින්වර පරීක්ෂා කරනවා නම් හොදයි
මේ වගේ ඒවා ගාල්ලේ කරාපිටිය තදාසන්න ප්‍රදේශයේ තිබෙනවා . ඒවා ත් පරීක්ෂා කරන්න
අම්මප. තෙල් ගහපු උනුයි ෂෙඩ් අයිතිකරයයි ඉද්දි පොම්ප දෙක මාර වැරද් කරල තියෙන්නෙ. නිකන් සිල් තියල මදි ලාකඩ ඩාලම සිල් තියන්න වෙනව මෙ වරදට නම්? එ පොම්ප දෙකටයි අනික් පොම්ප වලටයි ඔක්කොටම තෙල් එන්නෙ එකම ටැංකියෙන් නිසා ටැංකියට සිල් තියල බැහැ නේද? ටැංකියෙන් බාගෙකට සිල් තියමු එහෙනම්. පොම්ප දෙක ගලවල අත් අඩං ගුවට අරන් උසාවි මිදුලෙ හෙනිහින් තිබ්බත් වරදක් නැහැ.
බොහෝමයත් ඉන්ධන පිරවුම්හල්වල පොම්පයෙන් හොරකරනවා විතරක් නොවේ. පොම්පයෙන් තෙල් ගසනා සේවකයාත් හොරකම් කරනවා. මේ තත්වය ගැන සොයා බලන්න පිරවුම් හලෙන් ජරාව නොකන කඩාපැන සෙවීම් කරන නිලධාරින් කොටසක් යොදවන්න බලධාරින්ට නුවණ පෑදේවා. මේක කරන්න බැරි බලධාරින්ගේ හා දේශපාලුවන්ගේ ඥාතීන්ට තමයි පිරවුම් හල් තියෙන්නේත්...