(ඉන්දිකා රාමනායක)
2009 වසරේ දී ඇහැලියගොඩ කොස්ගහමූකලාන ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියකට අතරවර කර කැත්තකින් පහර දී ඝාතනය කර වසර 13ක් පුරා සැඟව සිටි ප්‍රධාන සැකකරු ඇහැලියගොඩ පලීගල ප්‍රදේශයේ දී නිවසක සැඟව සිටියදී ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.
ඝාතන සිද්ධියෙන් වසර 10 ට පසු සැකකරු සම්බන්ධයෙන් ලබාගත් ඩී.එන්.ඒ වාර්තා ගැලපීමත් සමගම සැකකරු ප්‍රදේශයෙන් පලගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වු බව කියයි. සැකකරු (39) හැවිරිදි දෙදෙරු පියෙකි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එවකට 15 හැවිරිදි වියේ පසු වු පියුමිකා මාධවී ජයසිංහ නැමැති සිසුවිය බවද පොලිසිය කියයි.
ඇහැලියගොඩ එල්ලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවිය 2009.9.28 දින පාසල නිමවී නිවස බලා යමින් සිටියදී පා ස්ථානයක සැකකරු මෙම සිසුවියට අතරවර කර කැත්තකින් හිසට පහර දී ඝාතනය කර කන්දක් පාමුළට සිරුර විසිකර තිබියදී එවකට ඇහැලියගොඩ පොලිසිය විසින් මළ සිරුර ගොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd