(ඩයනා උදයංගනී)
අතුරු අයවැය යෝජනා අනුව රටේ සමස්ත ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 654 න් 350කට පමණ දෙසැම්බර් 31 වන විට විශ්‍රාමයාමට සිදුවන බව රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී සංගමය පවසයි.
රටේ ග්‍රාමීය ප්‍රදේශයන්හි ප්‍රවාහන, නිල නිවාස, ගොඩනැගිලි ආදී පහසුකම්වලින් තොර රෝහල්වල සේවය කරන වෛද්‍ය නිලධාරීන් රැසක් මෙලෙස එක්වර විශ්රාමයෑමෙන් ප්‍රාදේශීය හා ග්‍රාමීය රෝහල් මෙන්ම ප්‍රාථමික සත්කාර සේවා ඒකකවල ප්‍රතිකාර කටයුතු අඩාලවීමේ අවදානමක් මතුව ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 30ක, 35ක පමණ සේවා පළපුරුද්දක් ඇති මෙම පිරිස මොණරාගල, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර, කුරුණෑගල, මන්නාරම, පුත්තලම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව වැනි දුෂ්කර ප්‍රදේශවල සේවය කරන බවත්, ඔවුන් ඖෂධවේදී, ඖෂධ සංයෝජක, ලිපිකරු ආදී වශයෙන් කිහිපදෙනෙකුගේ කටයුතු කරමින් බහුකාර්ය සේවයක් ඉටුකරන බව ද එම ප්‍රකාශකයා කීවේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම පිරිස විශ්‍රාම ගොස් ග්‍රාමීය කුඩා රෝහල්වල කටයුතු අඩාල වුවහොත් ග්‍රාමීය ජනතාව විශාල පීඩාවකට පත්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
1996 වසරෙන් පසු නැවත බඳවා නොගන්නා සේවයක් බවට පත්කර ඇති ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ සේවය මෙම කරුණු සළකා වසර 63ක් දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැයිස්තුවේ පළමු තැනට පාදෙනියව දාන්න.
වැඩක් නැති අය යවන්න ඕනෑ. ඔය අය සේරම පුද්ගලික ක්ලිනික් දාගෙන සල්ලි හම්බ කරනවා. රජය දෙන හැම දෙයක්ම ගන්නවා.
මේවට තමයි කුණුහරුප කියන්නෙ බැසිල්ගේ අයවැය නොගෙනාවනම් මේ කියන ඔක්කොටම විශ්‍රාම යන්න වෙනවාමයි ඒක කාටත් පොදුයි.මේ අය හිතාගෙන ඉන්නෙ වැඩක් කරන්න ඉන්නෙ එම පිරිස පමණයි වෙනත් කවුරුවත්ම නැහැ කියලා මේවාට පැවති හා පවතින රජයනුත් වගකියන්න ඕන මොකද රටේ අවශ්‍යතාව සදහා ප්‍රමාණවත් වයිද්ය පිරිසක් ඇති නොකරන නිසා. කොහොම වුනත් නියමිත වයසේ විශ්‍රාම යවල හදිසි අවශ්‍යතාව විශ්‍රාමිකයින් නැවත සේවයේ පිහිටුවා කරන්න පුළුවන්
දොස්තරලාගෙන් ලෙඩ්ඩුන්ට සේවයක් වෙනවා කියලා හිත හදාගන්ඩ පුලුවන් .බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ පිනට ලැබෙන වරප්‍රසාද ඔක්කොම අරගෙන ,තවත් කූඩැල්ලෝ වගේ එල්ලීගෙන ඉන්ඩ හදනවා. හරිනම් 60 පැනපු දූෂිත දේසපාලුවෝ තමා පන්නන්ඩ ඕනේ .
වෛද්‍ය පීඨ වලින් පිටවූ ගිය අවුරුද්දෙ සීමාවාසික අවසන් කල 1200 පමණ පිරිසක් තවම පත්වීම් දීල නැහැ . ලබන ඔක්තෝබර් අවසන් වනවිට තවත් එවැනිම කණ්ඩායම ක් ඉන්නව සීමාවාසික අවසන් කරන්න . ඇයි මේ පත්වීම් දෙන්නෙ නැත්තෙ .
තවත් නහයෙන් අඬ අඬා ඉන්නෙ නැතිව 60 පිරුණම ගෙදර යන්න අනේ. තරුණ කෙනෙකුට ඉස්සරහට එන්න නොදී එයාලම සියල්ල බදාගෙන ඉඳලා දැන් අත හරින්න බැරිව දඟළනවා . උගතුන් වුණාට වැඩක් නෑ නේද. රටට සමාජයට ආදරේ නම් ඔය ඉන්න තරුණ වෛද්‍යවරුන් පුහුණු කර ඒ ඒ තැන්වලට යොදවන්න පුලුවන්
55න් විශ්‍රාම ගන්න එක 60 කලානේ කලින්. එතකොට ඒ වෙනකොට විශ්‍රාම ගන්න හිටිය කණ්ඩායමක් දිගටම සේවයේ යෙදෙන්න පටන් ගත්ත නේ ද ...
බහුතරයක් තරුණ වෛද්‍යවරුන් සහ ඇතැම් විශේෂඟ වෛද්‍යවරුන් බහුතරයක් ඉන්නෙ ගෙවල් වල සහ පුද්ගලික රොහල් වල තමා. සේවා මුර කිය කිය මාසෙට දවස් 10 ක් වත් වැඩට යන්නෙ නෑ. ඒ උනාට අතිකාල ඔක්කොම ගන්නව. ඒකට තමා අනිත් සියලුම සේවවල ක්‍රියාත්මක උනත් මේ ගොල්ලො ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවට විරුද්ද. විශේෂයෙන්ම බහුතරයක් දන්ත වෛද්‍යවරු 8-12 විතරයි රෝහලෙ ඉන්නෙ. සති අන්තවලත් ගෙදර. පඩිය ලක්ෂ 2 යි. හොරට අතිකාල දා ගෙන. හැබැයි අතැම් රොහල් වල වෛද්‍ය හිඟයක් තියෙනව. හොරට ඉන්න අය එවට දැම්මනම් හරි. නැත්තම් ඒ රෝහල් වල කාර්යය මණ්ඩලය පඩියට වැඩිය සේවයක් කරනව
මම නම් විශ්‍රාම යන්න බය මොකද කිව්වොත් වත්මන් අධ්යක්ෂ ජෙනරාල්වරයා විශ්‍රාමිකයින්ට කුඩම්මාගේ සැලකිල්ලවත් නොදක්වන අතරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ජෙනරාල්ට වඩා ඉහළින් සිටින. ප්‍රශ්නයකට උත්තරයක් නොදෙන විශ්‍රාම වැටුප් අම්මණ්ඩිලා නිසායි. අපිද විශ්‍රාම වැටුප් පුහුණුව ලබාඇත. එම අවස්ථාවලදී අපව දැනුවත් කළේ විශ්‍රාමිකයින් අපේ ජ්‍යේෂ්ඨයින් වීමට අමතරව ඔවුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙසිනි. ඔවුන්ට ගරුත්වය දක්වා කටයුතු කරන ලෙසට අතීතයේ ඉගැන්වූවත් වත්මන් ලොක්කන් ගේට්ටුවේ බල්ලා බැන්දා වගේ වැඩකර කිසිම විශ්‍රාම වැටුප් ලාභියෙකුට හමුවීමටවත් අවස්ථාව නොදීම ගැන හරියට දුකයි. රටේම පිරිස් හමුවීමට අමාරු තමයි, නමුත් මානුෂික හැඟීම් ඇති අනුන් කෙරෙහි සුහදත්වය සහිත පිරිසක් යොදාගෙන ප්‍රශ්න විසඳීමට හැකියාව තියෙනවා. අඩුම තරමින් දුරකථන මගින්වත් ප්‍රශ්න විසඳීමට හැකිනම් ඉතාමත් හොඳයි.