
(යොහාන් භාසුර)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.
ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව ද එම අමාත්‍යංශය කීය.
ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විදුලිබල අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාල අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම ශබ්ධ විකාශන යන්ත්‍ර ගලවන්න වැඩපිළිවෙලක් හැදුවොත් නරකද ? අන්න අර නඩුව ආයෙත් ඇදිල.
ආගමික ස්ථාන පමණක් නොවෙයි පාසල් විශ්ව විද්‍යාල, රෝහල් විශාල වශයෙන් ගොඩනැගිලි තිබෙන ස්ථාන තමයි ඒවාටත් සවිකළොත් වැඩදායක වෙනවා. අධිවේගී මාර්ග සඳහාත් සූර්ය බලයෙන් විදුලිය නිපදවා එම මාර්ගවත් ආලෝකවත් කරන්න පුළුවන් අධිවේගී මාර්ගවල විශාල වශයෙන් ඒවා සවිකරන්න ඉඩකඩ තියෙනවා.
මේක පුදුම කරුමයක් වුණානේ... අපි වෙනුවෙන් යමක් කරගන්න මේ ලංකාවේ ඇතුලේ දැන් බැහැනේ. තක්කඩි මාෆියා කල්ලි මේ රටත්, ජනතාවත් ග්‍රහණයට අරගෙන... රජය වියදම් දැරිය යුත්තේ රාජ්‍ය ආයතනවලට පමණයි. ආගමික ආයතන දැනගන්න ඕනෑ ඒ අයගේ දායකයින් මාර්ගයෙන් ඒ දේවල් කරගන්න. රටේ ජනතාවට පව් නොදී...
වසරේ 365ස් දවසේම අව්ව ඇති රටේ මෙම තාක්ෂණයට යා යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. මීට බාධාකළ අය රටේ ජනතාව ඉදිරියේ දණින් වැටී සමාව ගත යුතුයි.. කෙසේවෙතත් පමාවී හෝ මෙවන් පියවරක් ගැනීම පැසසිය යුතුයි...!
දැනට වෙළඳපලේ මිලගණන් අනුව kWක් රුපියල් ලක්ෂ හතරේ සිට හතරහමාර දක්වා වැඩිවී ඇත.
පූජකයෝ ඔවුන් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන තමන් විසින් නඩත්තු කරගන්න කාලය උදාවී ඇත.