(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ලෙදර් ක්‍රිකට් පන්දුවල දැඩි හිඟයක් ඇතිවීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
රජය භාණ්ඩ රැසක් ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් උපකරණ ආනයනකරුවන්ට පන්දු ඇතුළු සෙසු උපකරණ ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් විශේෂයෙන් කොළඹින් පිට එතරම් මූල්‍ය ශක්තියක් නොමැති පාසල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත් එම නිලධාරියා කීය.
ආනයන සීමා පැනවීමට පෙර රුපියල් 650 කට මිලදී ගත් පන්දුවක මිල මේ වන විට රුපියල් 1350 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කී එම නිලධාරියා මෙම තත්වය පාලනයට ක්‍රීඩා බලධාරීන් මැදිහත්විය යුතු බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවටයි, පාකිස්තානයටයි මේ බෝලේ හදන්න පුළුවන් වුණාට අපිට බැහැ. අපේ අධ්‍යාපනේ ලෝකේ හොඳම එකනේ... ඒකයි...
රටට සාපයක් වෙච්චි නන්දසේන සහ පොහොට්ටුවේ සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනෑ...
ඔය දේශපාලුවන්ගේ ඒවා පාවිච්චියට ගන්න.