අඩුපීඩන කලාපය තමිල්නාඩුව දෙසට
ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින අඩුපීඩන කලාපය උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාවක් පවතින බැවින් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.