උමාඔයෙන් අප්‍රේල් සිට මෙගාවොට් 120ක් උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 13 December 2022
ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක් පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 13 December 2022
බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 13 December 2022
විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් අනීතික ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ජන පීඩක අයවැයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (13) පැවැත්විය. 13 December 2022
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹදී ප්‍රකාශ කළේය 13 December 2022
ඉන්දියානු නාවික ප්‍රධානියෙක් මෙරටට ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්.හරි කුමාර් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 13 December 2022
මවු සෙනෙහස නොදුටු පුතෙක් වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එකම පුතු මව මියගොස් භූමිදානය කළ පසු රෝහලට පැමිණ තොරතුරු සොවීමේ පුවතක් ලුණුගම්වෙහෙර රෝහලෙන් වාර්තා වේ. 13 December 2022
මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2022
60 පැන්න මැතිසබේ සේවකයන් වෙනුවෙන් විපක්ෂ නායක හිට ගනී පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (13) දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් තවත් සිසුහු 4ක් අල්ලයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් පහර දෙනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය අද (13) පළවිය. 13 December 2022
කතුන් ජාවාරමේ හතට ඇප ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන අය ඇතුලු සැකකරුවන් හත්දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (13) නියෝග කළේය. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 6 දෙනෙකු අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි කළ බවට චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ . 13 December 2022
මුජුබුර්ගෙන් ඩයනාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් රජයට දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයකු වන තමා සමාජ විරෝධී ක්‍රියාවලට ක්‍රියා වලට සහය දක්වන්නේ නම් අද සිටින්නට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ නොවේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය. 13 December 2022
පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම් යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ප්‍රකාශ කර ඇත. 13 December 2022
’’ලංකාවට යනවා නම් රක්ෂණයක් ගන්න’’ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා ඉතා වැදගත් බවත් ඉන් ප්‍රමාණවත් ආවරණයක් ලැබෙන්නේ දැයි සොයා බැලිය යුතු බවත් සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට උපදෙස් ලබා දී ඇත. 13 December 2022
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 December 2022
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 13 December 2022
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. 13 December 2022
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. 13 December 2022
අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 13 December 2022
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 13 December 2022
බ්‍රිතාන්‍ය යුවළ හෙළ කුල සිරිතට යුග දිවියට බ්‍රිතාන්‍ය යුවළක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවිය ඇරැඹූහ. එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි 56 හැවිරිදි Rupert Julian සහ 53 හැවිරිදි Nicky Jane නැමැති යුවළ මෙසේ විවාහ ගිවිස ගත්හ . 13 December 2022
දුම්රියේ ලී බඩු පටවා දඩ කයි දුම්රිය නීති උල්ලංඝණය කරමින් වෙරළබඩ දුම්රිය මාර්ගයේ අළුයම ධාවනය වන දුම්රියවල ලී බඩු සහ මාළු ප්‍රවාහන කළ පුද්ගලයන් අටක් භාරයට ගෙන දඩ අය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කාර්යාලය පවසයි. 13 December 2022
හොරෙන් ජෝර්දාන් හරහා රට රැකියාවලට යවන ජාවාරමක් ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 13 December 2022
අද දවස වැසි සහිත කාලකුණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2022
ජැකලින්ට තවත් නඩුවක් බොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක වන නෝරා ෆතේහි ශ්‍රී ලංකානු සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට විරුද්ධව ඉන්දීය රුපියල් කෝටි 200 ක අපහාස නඩුවක් ගොනුකර තිබේ. 13 December 2022
ආසියා පැසිපික් අයි.සි.සී රන් සම්මානය දිනා දිවයිනට පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 13 December 2022
රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 12 December 2022
ධීවර බෝට්ටවක් ඈත දියඹේ අනතුරක ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සැතපුම් 200ක් පමණ ඈත මුහදේදි අනතුරට පත්විමෙන් එහි සිටි ධිවරයන් තිදෙනකු අතරුදහන්ව, වතුරේ පාවෙමින් සිටි ධිවරයන් තිදෙනකු වෙනත් ධිවර යාත්‍රාවකින් බේරාගෙන මේ වනවිට ගොඩ බිමට රැගෙන එමින් සිටින බවත් වරාය පොලිසිය පවසයි. 12 December 2022
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026