බොක්සින් සූරයා කපා කොටා පුළුස්සා මහ මඟ දමා යයි බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති. 14 December 2022
ජාතික ගැටළුවට විසඳුමක් හොයන්න පක්ෂ නායකයෝ එකට වාඩි වෙති ජනපති එළැඹෙන 75 වන නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 14 December 2022
පල්ලේකැලේ සඳකඩ පහන උස්සයි පල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ . 14 December 2022
60ට එරෙහිව වෛද්‍යවරුන්ගේ පෙත්සමට දුන් තීන්දුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම බලාත්මක කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ට අදාළව විශ්‍රාම ගැන්වීම ලබන වසරේ ජනවාරි 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. 14 December 2022
‘ජිලේගේ’ කෝටි 32ක කුඩු අල්ලයි මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවකු ව සිටි ‘අංගොඩ ලොක්කා’ ගේ ගෝලයකු වූ ‘ජිලේ’ නමැත්තාට අයත් රුපියල් කෝටි 32කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (14) මුල්ලේරියාව බාරොන් තිලකරත්න මාවතේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 14 December 2022
අල්ලස් චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න නිදහස් රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තුන හමාරකට අධික අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා විත්ති වාචක නොකදවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය. 14 December 2022
තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් වැහෙන ලකුණු විදුලි කප්පාදුව හේතුවෙන් කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් පවත්වාගෙන යෑමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන්වූ ජාතික සභා අනු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 14 December 2022
නරක කාලගුණය ලංකාවේ ඩොලර් බිලියන ගානක් කා දමයි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 14 December 2022
තෙල් පිරිපහදුව 16දා යළි විවෘත කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 16 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 December 2022
ගසක් කැපුවාට ගමෙන් නෙරපයි තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 14 December 2022
සිමෙන්ති මිල රුපියල් 225 කි බසී කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750ක් දක්වා අඩු වේ. 14 December 2022
ලංකාවේ උපාය මාර්ග සැලසුමට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබෙි 14 December 2022
ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය. 14 December 2022
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක් ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය. 14 December 2022
පාසල් පොත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ . 14 December 2022
මන්ත්‍රී ජයන්තට පහරදීමට තැත් කළැයි පැමිණිල්ලක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පහරදීමට තැත් කළ බව පවසමින් ඒ මහතාගේ ආරක්ෂාවට සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 14 December 2022
සහල් ආනයනය අත්හිටුවයි බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (14) පැවසීය. 14 December 2022
විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය වහලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 14 December 2022
ඌවතැන්නේ සුමන හිමි යළි රිමාන්ඩ් පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කළේය. 14 December 2022
’’පිටරටින් දුන් සල්ලිවලින් බෙහෙත් හරියට අරන් නැහැ’’ විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාව අදාල ආයතන බලධාරින්ට අප්‍රසාදය පළකර ඇත. 14 December 2022
ඉලෝන් මස්ක්ගෙන් කිරුල ගැලවෙයි නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත. 14 December 2022
මත්කුඩු-කඩු කිනිසි සමග දෙමස්සිනෝ සැකපිට අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග දෙමස්සිනාලා කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය කියයි. 14 December 2022
මහපොළ ප්‍රදර්ශනය මාර්තු මාස ඇරඹෙයි මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන මාර්තු මස ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 December 2022
ලස්සන තැන් වලට ප්‍රසන්නගේ හිත යයි දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 14 December 2022
කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි. 14 December 2022
විදුලිබල මණ්ඩල සේවකයෝ ප්‍රසාද දීමනාව එපා කියති මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 December 2022
කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත. 14 December 2022
මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී තමා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත. 14 December 2022
මෙම වසරේ සංචාරකයන් ලක්ෂ හයහමාරට ආසන්න වෙයි මෙම වසර තුළ මෙරටට විදේශ සංචාරකයන් හයලක්ෂ පනසස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි ඇති බවත් මෙම මස පළමු දින 7 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන මණ්ඩලය පැවසීය. 14 December 2022
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (14) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 14 December 2022
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026