IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොහොට්ටුවට නව නායකයෙක්

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකයෙක් පත්කරන බවත් හිස තෙල් ගාලා නැකතට වැඩඅල්ලා නව නායකයා ප්‍රකාශයට පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (10) පැවසීය.

පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලො වගේ මේ වන විට හැසිරෙන බව කී බණ්ඩාර මහතා දෑත් ශක්තිමක් කරන්නේ යැයි කියන එම කොවුල් පැටව්න්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන කපුටු කූඩුව ඔවුන්ව රැකගත් බව අමතක වී ඇති බව ද සඳහන් කළේය.  

එම කොවුලන්ට බිත්තර දාන්න නැවත කපුටු කූඩුවට ඒමට සිදුවන්නේ යැයි අමතක වී ඇති බව කී ඒ මහතා පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් ඉදිරිපත් වන පිරිසක් පමණක් මැතිවරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට කටයුතු කරයි. 



අදහස් (13)

පොහොට්ටුවට නව නායකයෙක්

Samitha S. Aluthgamage Monday, 10 April 2023 08:23 PM

මේ රට බංකොලොත් කළ පොහොට්ටුව ආයේ කිසිදා බලයට ගෙන ඒමට බැහැ.මැරිලා කුණුවුණු පොහොට්ටුව වළලා දමනවා මිසක් ඒකට ආපසු පණ දෙනවා කියනා එකක් නිකම්ම නිකං මෝඩ කතාවක් වගෙයි පෙනී යන්නේ ...

:       2       29

sukitha Monday, 10 April 2023 08:57 PM

හිසතෙල් ගාන්නේ 15-16. වැඩ අල්ලන්නේ 14. හිසතෙල් ගාල (15-16) වැඩ අල්ලලා (14) නායකයෙක් පත්කරන එක අවුල් වගේ.

:       0       15

Akila Monday, 10 April 2023 09:29 PM

පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නෙමෙයි රාජපක්ෂලාගේ පවුලේ ව්‍යාපරය , ඉතින් ඕකට කොහොම ගියත් පවුලේ කෙනෙක් තමයි නායකයා වෙන්නේ

:       2       26

ලුම්බිණි Tuesday, 11 April 2023 05:05 AM

හිස තෙල් ගාල????

:       0       14

හීන් නූලා Tuesday, 11 April 2023 07:12 AM

වැදගැම්මකට නැති පුවතක් . මාධ්‍ය සගයිනි, දේශපාලකයින්ගේ හීන් නූලේ වැඩ වලට ඔබගේ සහයෝගය ලබා නොදෙන්න. මෙවැනි නොවැදගත් පුවත් උලුප්පා දැමීම නතර කරන්න ...

:       0       1

duminda Tuesday, 11 April 2023 10:08 AM

මෙ යකාව මානසික රෝහලකට දාන්න ඔනි.

:       1       21

Senarath Tuesday, 11 April 2023 10:28 AM

කවුද කපුටද , එහෙම නැතිනම් නාමල්ද ? දැන් ඔයාල කුනුබක්කියට වැටිල ඉවරයි.

:       0       13

Kumara Tuesday, 11 April 2023 10:58 AM

පුත්තලම් බූරුව හොඳ නැද්ද?

:       0       24

nimal Tuesday, 11 April 2023 11:06 AM

කොයි නායකය ආවත් සෙට් එක එකක් අනාගතයක් නැහැ.

:       0       3

ගමේ එකාලා Tuesday, 11 April 2023 02:05 PM

ඔය කියන විදියට තට්ටේ පෑදිච්චි කෙනෙක් ද කවුද දන්නේ. දූෂිත පවුල් පාලනේ උන්ගේ පොහොට්ටුව තමා මේ රට බන්කොලොත් කෙරුවේ?

:       0       0

Irandi Tuesday, 11 April 2023 02:15 PM

හිසතෙල් නෙමෙයි හිසකුඩිච්චි දාගනිල්ලා...

:       0       0

PODDA Tuesday, 11 April 2023 04:55 PM

කොණ්ඩේ බැඳපු චීනෙක් නැද්ද?

:       0       0

මොට්ටපාල Tuesday, 11 April 2023 07:14 PM

මහලේකමා කියන්නෙ කපුටා හොදයි කියලා නුඹත් කියන්න ඒකමද රංජියෝ දේශපාලනය කරනවා නම් විජේතුංග මහතා ජනාධිපති වුනා වගේ නායකත්වයට සූදානම් වෙන්න ඕන එහෙම නැතුව තමුන් මගහැරලා පැත්තක ඉන්න එකෙක් යෝජනා කරනවා කියන්නෙ තමුන්ට කොන්දක් නැහැ කියලා ඔප්පු කිරීමක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site