IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම  රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා ඊට ප්‍රථමයෙන් එහි මූලාශ්‍රවන හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය  දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බව කතානායකවරයා දැනුම්  දෙයි.

අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව නොමඟ යැවීමට ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය  බැහැර කරන  බවද  කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

 



අදහස් (5)

ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක

මැක්ස් Tuesday, 11 April 2023 01:17 PM

පසුගිය කාලයේ රට අරාජික වීමට මුලික ව හේතු වූ සිංහල බොදු විරෝධී අරගල වලිප්පුකාරයන්ට තම දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා අවැසි පසුබිම සකස් කළේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංස යන දෙදෙනාගේ ක්‍රියා කලාපයයි. කරුණු කාරනා සොයා නොබලා කටයුතු කිරීමයි. කතා කිරීමයි. මෙය ද එම දුර් ගුණයේම තවත් ඉදිරි පියවරකි.

:       5       18

Hafeel Tuesday, 11 April 2023 02:26 PM

ඒක ඉතින් ලොකු දෙයක් නොවේ. අපිට නම්, ඔයාත් ගම්මන්පිලත් එකම ගහේ ගෙඩිය තමා.

:       9       19

ලුම්බිණි Tuesday, 11 April 2023 02:36 PM

ගම්මන්පිල කවද්ද උසස් දෙයක් කලේ? කලේම පහත් වැඩ.

:       5       19

SUNIL MILANO Tuesday, 11 April 2023 03:06 PM

පහත මිනිසෙකුගෙන් උසස් දෙයක් බලාපොරොත්තු විය නොහැක

:       0       0

ANURA ROME Tuesday, 11 April 2023 03:18 PM

අපි ගොඩක් ගරු කළ චරිතයක්. පසුගිය ආණ්ඩු සමයේ මොහු කළ කී දෑ නිසා දැන්නම් තඹ දොයිතුවක්වත් වටින්නේ නැත. මෙවැන්නන් දේශපාලනයෙන් පමණක් නොව ශ්‍රී ලංකා දේශයෙන්ද අතුගා දැමිය යුතුයි.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site