IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජයේ ඔසුසල් 26ක කෝටි පහක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් පනහෙන් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු  විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල් පන් කෝටි තිස් දෙලක්ෂයකට වැඩි මුදලක් පාඩු  ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන්වේ.

මින් ඔසුසල් 10 ක පාඩුව ඊට පෙර වසරට සාපේක්ෂව සියයට  15 සිට 175 ක් දක්වා පරාසයකින් ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වෙයි.

මේ අතර 2020 වර්ෂයේදී ලාභ ලබා තිබුණු රත්නපුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, බණ්ඩාරගම හා මොණරාගල ඔසුසල්  හතර 2021 වර්ෂයේදී පාඩු ලබා තිබූ බවත් ඔසුසල් නමයක්  2020 වර්ෂයේ ලබා තිබූ ලාභය සියයට 5.7 සිට සියයට හත්දාස් හාරසිය  එකොළහක් දක්වා පරාසයකින් 2021 වර්ෂයේදී  අඩුවී තිබූ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලයට පිළිතුරුදී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ
කොව්ඩ් තත්වය හේතුවෙන් මෙම පාඩු  ඇතිවූ බවයි.

ඔසුසල් කාර්ය මණ්ඩලයේ කිසිදු සංඛ්‍යාත්මක වෙනසක් 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී සිදු වී නොතිබුණු නමුත් කාර්ය මණ්ඩල වියදම් සියයට 10 සිට සියයට 32 ක් දක්වා පරාසයකින්  වැඩිවී තිබූ බව විගණන  අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔසුසලේ  කාර්ය මණ්ඩල වියදම් ඉකුත් වසරට  වසරට සාපේක්ෂව 2021 වසරේදී ලක්ෂ 47 කට වැඩි මුදල කින් ඉහළ ගොස් තිබූ අතර එය එම  ඔසුසලේ අලාභය කෙරෙහි ඍජුව බලපා තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ අතර දඹුල්ල ඔසුසල 2021 වර්ෂයේදී  රුපියල් ලක්ෂ පනස් පනස් නවයකට වැඩි මුදලක් පාඩු ලබා තිබූ බව පවසන විගණන නිලධාරීහු  එය ඔසුසලක් ලැබූ වැඩිම පාඩුව බවද  ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපයුම්වලට  හානිවීම සහ කල් ඉකුත්වීම ඒ  අලාභයට ප්‍රධාන වශයෙන් හේතුවූ බව  විගණන  වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (1)

රජයේ ඔසුසල් 26ක කෝටි පහක පාඩුවක්

Vira Tuesday, 11 April 2023 02:05 PM

ඔව් ඉතිං එක වැඩකට මිනිස්සු හතරක් පහක් දාලා ඉන්නකොට පාඩු තමයි. බෙහෙත් නැතුව සේවකයෝ විතරයක් හිටියම ඔහොම වෙනවා. ඔසු සලේ තුන්ඩුව ගන්න එකයි, බෙහෙත් හොයන්න එකයි, බිල දාන්න එකයි, චෙක් කරන්න එකයි. හැබැයි ප්‍රවේට් ඒවගේ එක සේවකයා ඔක්කොම කරනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site